පොලිස් ලොක්කෙක් තාවකාලිකව අස්වෙයි

ෆ්ලොරිඩාවේ කළු තරුණයා ඝාතනය

පොලිස් ලොක්කෙක් තාවකාලිකව අස්වෙයි

එක්සත්ජනපදයේ මියාමි හිදී සුදුජාතිකයකු විසින් නිරායුධ කළු ජාතික තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහිව පැන නැගී ඇති දැඩි විරෝධය හේතුකොටගෙන එහි පොලිස් ප්‍රධානියා පෙරේදා තාවකාලිකව ඉල්ලා අස්වී තිබේ.

සැන්ෆෝර්ඩ් පොලිස් ප්‍රධානියා වන බිල් ලී ගේ දෙපාර්තමේන්තුව අදාල ඝාතකයා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයන් එල්ල වී ඇති අතර මේ තත්ත්වය මත වෙනත් කරුනු කෙරේ අවධානය යොමුකිරිම කළ නොහැකිව ඇති නිසා තාවකාලිකව ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත.

ඉකුත්පෙබරවාරි 26 දා 17 හැවි‍රිදි ට්‍රෙවොන් මාටින් නම් තරුණයාට වෙඩිතබා ඝාතනය කර තිබුණේ‍ ජෝර්ජ් සිමර්මන් නම් සුදු ජාතිකයාය. ඔහු අත්අඩංගුවට ගෙන යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා මිලියනයක ජනතාවක් දැනට අන්තර්ජාල පෙත්සමකට අස්සන් කර ඇත. ලී ගේ ‍ඉල්ලා අස්වීම ගැන ප්‍රකාශයක් කරන මාටින්ගේ පියා එම ක්‍රියාව ආරම්භයක් පමණක් බවත් ඉදිරියේදී තවත් බොහෝ දේ සිදුවිය හැකි බවත් කියා තිබේ.

අපට අවශ්‍ය ඔහුගේ ඉල්ලා අස්වීම නොව ඝාතකයා අත්අඩංගුවට ගැනීමයි ඔහු කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා