විට්නි හුස්ටන් මිය ගියේ හෘදයාබාධයකින්

විට්නි හුස්ටන් මිය ගියේ හෘදයාබාධයකින්

ඉකුත්මස හෝටලයක නානකාම‍රයේ දී දියේ ගිලී මියගොස් සිටි පොප්ගායිකා විට්නි හූස්ටන් ට හෘදයා බාධයක් ඇතිවීමට ඇයගේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවන්නට ඇතැයි මරණ පරීක්ෂක වරුන් ප්‍රකාශ කර තිබේ.

48 හැවිරිදිව සි‍ටි ඇය නාන බේසමේ ගිලීයාමට හෘදයා බාධයක් හේතුවී ඇති බවත් එම හෘදයාබාධය ඇතිවීමට ඇගේ කොකේන් භාවිතය මුල් වී ඇති බව ත් පෙනීයන්නේ යැයි ඔවුන් කියා ඇත. ඇය මියගොස් තිබුණේ දියේ ගිලීමෙන් බවත් එය හදිසි අනතුරක් බවත් මුලින් පැවසී තිබිණ.

එහෙත් මරණ පරීක්ෂණයේදී ඇගේ සිරුරෙහි කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු ව තිබුණු බව සොයාගෙන ඇත. කොකේන් ප්‍රතික්‍රියා කිරීමෙන් එය හද ගැස්ම කෙ‍රේ බලපෑ හැකි බව මරණ පරීක්ෂකවරුන්ගේ මතය වීතිබේ. ඇගේ සිරුරෙහි තවත් වර්ග වල මත්ද්‍රව්‍ය අංශු දක්නට ලැබී ඇතත් ඒවා හෘදයාබාධයකට තරම් නොවන බවද ඔවුහු කියා සි‍ටිති. කෙසේවෙතත් අවසන් මරණ පරීක්ෂකගේ වාර්තාව තවත් සති දෙකකින් නිකුත්වනු ඇතැයි සඳහන්ව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා