බංග්ලාදේශය ඉන්දියාවේදී මංගල ටෙස්ට් තරගයට සූදානම්

බංග්ලාදේශය ඉන්දියාවේදී මංගල ටෙස්ට් තරගයට සූදානම්

මේ වසර අවසානයේ බංග්ලාදේශය ඉන්දියාවේ දී සිය මංගල ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

2000 වසරේදී බංග්ලාදේශය පූර්ණ ටෙස්ට් තත්ත්වය හිමිකර ගැනීමෙන් පසුව මේ දක්වා ඉන්දියානු භූමියේ ටෙස්ට් තරගයකට සහභාගි වී නැත.

ඔවුන් ඉන්දියාවේ සංචාරය කළේ එක්දින තරග සඳහා පමණි. ඉන්දියාව ටෙස්ට් තරග 7කට බංග්ලාදේශ භූමියේදී ක්‍රීඩා කොට ඇති අතර බංග්ලාදේශයට ටෙස්ට් තරග සත්කාරකත්වය මෙතෙක් ලබා නොදුන් එකම රට වශයෙන් ද සැලකේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා