රුහුණු මායා හටන ජය පැරදුමෙන් තොරයි

රුහුණු මායා හටන ජය පැරදුමෙන් තොරයි

මාතර රාහුල විදුහලත් පන්නිපිටිය ධර්මපාල විදුහලත් අතර පළමුවැනිවරට පැවති රුහුණු මායා හටන ජය පැරදුමෙන් තොරව නිමා විය. කාසියේ වාසිය දිනා පන්දුවට පළමුව පහර දුන් රාහුල පිළ ලකුණු 242 කට කඩුළු 9 ක් දැවී තිබියදී ඉණිම අත්හිටුවන ලදී.

හර්ෂ රාජපක්ෂ සහ සුඛිත දිනුසංක ලකුණු 40 බැගින් ලබා ගත් අතර කුෂාන් ජයලත් ලකුණු 69කට කඩුළු 4 ක් දවා ගත්තේ ය. පළමු ඉණිම සඳහා ධර්මපාල පිළට ලබාගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි. නායක ලසිත් ලක්ෂිත 48 අශාන් ජයසංක 33 සහ හිමාෂ ලියනගේ 32 පිත්තෙන් දස්කම් දැක්වූහ.

ලසිදු නිම්සර කඩුළු 3 ක් සහ මයුර ගලප්පත්ති කඩුළු දෙකක් දවා ගත්හ. ඕවර 20 කදී කඩුළු 2ක් දැවී ලකුණු 140ක් ලබා ගත් රාහුල පිළ වෙනුවෙන් පන්දු 54කදී හර්ෂ රාජපක්ෂ නොදැවී ලකුණු 71 ක් සහ නායක විහඟ කල්හාර නොදැවී ලකුණු 63 ලබා ගත්හ.

ඕවර 17ක දී ලකුණු 189ක අසීරු ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ධර්මපාල පිළට මඳ ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන විට ලබා සිටියේ එක් කඩුල්ලක් දැවී ලකුණු 37ක් පමණි. මෙවර තරගය පැවැත්වූයේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ය.

රාහුල පළමු ඉනිම 242/9 (ඕවර 68.1) සුඛිත දිනුසංක 40,හර්ශ රාජපක්ෂ 40,විහග කල්හාර 36,තරිදු නාරසිංහ 32,කුෂාන් ජයලත් 69/4,හිමාෂ ලියනගේ 35/3 සහ දෙවැනි ඉනිම 140/2 (ඕවර 20) හර්ශ රාජපක්ෂ 71 නොදැවී, විහග කල්හාර 63 නොදැවී

ධර්මපාල පළමු ඉනිම 189 (ඕවර 66.3) යසිත් ලක්ෂිත 48, අශාන් ජයසංක 33, හිමාෂ ලියනගේ 32, ලසිදු නිම්සර 46/3,මයුර ගලප්පත්ති 35/2 සහ දෙවැනි ඉනිම 37/1 (ඕවර 9)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා