මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලු 5ක ජයක්

මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලු 5ක ජයක්

පන්දු 50කදී හතරේ පහර 4 ක්සහ හයේ පහර 5ක් එල්ල කරමින් නොදැවී ලකුණු 73 ක් රැස්කළ රෝහිත් ෂර්මා අයි.පී.එල්. තරගාවලියේ ඩෙකැන් චාර්ජර්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් මුම්බායි ඉන්දියන්ස් පිලට ලබා දීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ඩෙකැන් චාර්ජර්ස් පිල ඕවර් 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 138 ක් රැස් කළේ ය. ෂිතාර් දවාන් ලකුණු 41 ක් ලබාගත් අතර ඩැනියෙල් ක්‍රිස්ටියන් ලකුණු 39 ක් වාර්තා කළේ ය.

කුමාර් සංගක්කාරට රැස්කරගත හැකි වූයේ ලකුණු 14ක් පමණි. පන්දු යැවීමේදී මුතාෆ් පටේල් කඩුලු 4ක් දවාලූ අතර ලසිත් මාලිංග කඩුලු 3ක් දවාලීය. මුම්බායි පිල තරගයේ ජය අත්කර ගත්තේ ඉනිමේ අවසන් පන්දුවේදීය. රෝහිත් ෂර්මා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.

ඩෙකැන් චාර්ජර්ස් - 138/9 (ඕවර 20) ෂිතාර් දවාන් 41, ඩැනියෙල් ක්‍රිස්ටියන් 39, කැමරොන් වයිට් නොදැවී 30 (මුතාෆ් පටේල් 20/4, ලසිත් මාලිංග 27/3)

මුම්බායි ඉන්දියන්ස් - 142/5 (ඕවර 20) රෝහිත් ෂර්මා නොදැවී 73, කීරන් පොලාර්ඩ් 24 (ඩේල් ස්ටේන් 12/3)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා