කුලසේකර-පීටර්සන් තරගයේ වීරයෝ වෙති

කුලසේකර-පීටර්සන් තරගයේ වීරයෝ වෙති

නුවන් කුලසේකර විශිෂ්ට පන්දු යැවීමේ ආධාරයෙන් ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුනේ වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 13 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. ලකුණු 10 කට කඩුලු 2 ක් ලබා ගත් කුලසේකර තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. පළමුව පන්දුවට පහර දුන් සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 164 ක් රැස් කළ අතර පිළිතුරු වශයෙන් පුනේ වොරියර්ස් පිලට ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 151 ක් පමණි.

චෙන්නායි සුපර් කිංග්ස් කඩුලු 5 ට ලකුණු 164 යි.

ප්ලේසිස් 58, බද්රිනාත් 57 (සැමුවල්ස් 39 ට 3, සේරා 23 ට 2) පූනේ වොරියර්ස් කඩුලු 7 ට ලකුණු 151 යි.

ගංගුලි 24, සැමුවල්ස් 26, ස්මිත් 23, ඇන්ජලෝ මැතිව්ස්, කුලසේකර 10 ට 2, බ්‍රාවෝ 28 ට 2

ඩෙයාර්ඩෙවිල්ස් වීරයා

තරගයේ වීර කෙවින් පීටර්සන් නොදැවී ලබා ගත් ශතකය මත ඩෙකාන් චාජර්ස් පිලට එරෙහිව පැවති ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගය තවත් පන්දු 5 ක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 5 කින් ජය ගැනීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට හැකිවිය. පීටර්සන් පන්දු 64 කින් නොදැවී ලකුණු 103 ක් වාර්තා කළ අතර හතරේ පහර 6 ක් හා හයේ පහර 9 ක් එම ඉනිමට ඇතුළත්ව තිබිණි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩෙකාන් චාජර්ස් පිල කඩුලු 8 කට ලකුණු 57 ක් රැස් කළේය. ඩෙයාර් ඩෙවිල්ස් පිල කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 162 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

ඩෙකාන් චාජර්ස් - කඩුලු 8 ට 157 යි. එස්. ධවාන් 44, පී. පටෙල් 45 (මෝකල් 23 ට 3, නදීම් 16 ට 3)

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් - කඩුලු 5 ට 162 යි

පීටර්සන් නොදැවී 103 (ඩී. ස්ටෙයින් 19 ට 2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා