පොලිස් බොක්සිං පුහුණුකරු මෙන්ඩිස්

පොලිස් බොක්සිං පුහුණුකරු මෙන්ඩිස්

ජාතික බොක්සිං ක්‍රීඩකයෙකු වූ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වත්මන් බොක්සිං පුහුණුකරු ලෙස පත්කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු වූ මෙන්ඩිස් පාසල් මට්ටමේ පැවැති සියලු බොක්සිං තරග සියල්ලෙන්ම ජය ලැබූ ක්‍රීඩකයෙකි. ඉන් අනතුරුව උප පොලිස් පරීක්ෂකයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ ඔහු ජාතික හා ජාත්‍යන්තර තරග නියෝජනය කරමින් පදක්කම රැසක් දිනාගත් අයෙකි.

ජර්මන් කියුබානු අමෙරිකානු ජාත්‍යන්තර පුහුණු පාඨමාලා හදාරා ඇති පොලිස් පරීක්ෂක මෙන්ඩිස් ඉන්දියාවේ පට්යාල ඇකඩමියේදී බොක්සිං පුහුණු කිරීම් සම්බන්ධ පාඨමාලා හදාරා තිබේ.

හයවන ආසියාතික කාන්තා බොක්සිං ශූරතාවලිය සඳහා නියෝජනය කළ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම එකම ලෝකඩ පදක්කම ලබාගත් පොලිස් ක්‍රීඩිකාවගේ වත්මන් පුුහුණුකරුද වන්නේ මොහුය. එම පදක්කම ශ්‍රී ලංකා පොලිසිය ලබාගත් එකම ජාත්‍යන්තර කාන්තා බොක්සිං පදක්කමක වේ.

තම පුහුණුකරු යටතේ ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ මන්දගාමීව තිබූ පොලිස් බොක්සිං ක්‍රීඩාවට නව ජවයක් එක්වී තිබෙන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මහත් උද්යෝගයෙන් ඉදිරියට නියමිත ක්‍රීඩා තරගවලට එක්වීමට සූදානමින් සිටී.

කොළඹ රාජකීය විද්‍යාලයේද හිටපු බොක්සිං පුහුණුකරු වූ මොහු යටතේ පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දාහතර දෙනෙකු මේ වනවිටත් පුහුණුවීම් ලබති. තවත් නවකයන් 30 දෙනෙකු කණ්ඩායමේ පුහුණුවීම් ලබති. ඔවුන් මේ වසරේ පැවැත්වෙන ආධුනික තරග සඳහා ඉදිරිපත් කිරීම තම අරමුණ බව පොලිස් පරීක්ෂක මෙන්ඩිස්ගේ බලාපොරොත්තුව වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා