ලලිත්ගෙන් තවත් ග්‍රන්ථ 2ක්

ලලිත්ගෙන් තවත් ග්‍රන්ථ 2ක්

ක්‍රීඩා ග්‍රන්ථ ගණනාවක් ප්‍රකාශයට පත් කළ මෙරට ප්‍රමුඛ ක්‍රීඩා ග්‍රන්ථ කර්තෘවරයකු වන ලලිත් ගුණවර්ධන මහතා ‘උස පැනීම පුහුණුව‘ හා ‘දුර පැනීම පුහුණුව‘ නමින් මලල ක්‍රීඩා ග්‍රන්ථ දෙකක් පසුගියදා එළි දැක්වීය.

මෙරට ප්‍රථම ‘මීටර් 100 දිවීම’ හා ‘මීටර් 400 දිවීම’ නමින් ග්‍රන්ථ දෙකක් එළි දැක්වූ කතුවරයා කවපෙත්ත යගුලිය හා හැමරය ඉසව්වලින් ජාතික ශූරතා දිනා පසුව මලල ක්‍රීඩා සහකාර පුහුණුකරුවෙකු ලෙස අභාවප්‍රාප්ත ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වූ ලක්ෂ්මන් ද අල්විස් මහතා යටතේ කටයුතු කළේය.

ගුණවර්ධන මහතා කැලණිය විශ්වවිද්‍යාලය, කොළඹ ජාතික විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීය.

ක්‍රීඩා ග්‍රන්ථකරණය වෙනුවෙන් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ගෞරව සම්මානයක් ලබා ඇති ඒ මහතා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකි. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා හා කළමනාකරණ අංශයේ ක්‍රීඩා ප්‍රතිපත්ති හා ක්‍රීඩා ඉතිහාසය විෂයයන් පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා