ඉතාලි පාපැදි ක්‍රීඩකයාට වසර 12ක තහනමක්

ඉතාලි පාපැදි ක්‍රීඩකයාට වසර 12ක තහනමක්

තහනම් ශරීර උත්තේජන භාවිතා කිරීම හේතුවෙන් ඉතාලි පාපැදි ක්‍රීඩක රිකාඩෝ රිකෝට දොළොස් වසරක තරග තහනමක් එරට ජාතික මත්ද්‍රව්‍ය විරෝධී අධිකරණය විසින් පනවා තිබේ.

28 හැවිරිදි රිකෝ තහනම් උත්තේජන භාවිතා කළ බවට චෝදනා කරමින් ඉතාලි ඔලිම්පික් කමිටුවේ මත්ද්‍රව්‍ය විරෝධී නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු අධිකරණය විසින් පිළිගනු ලැබීය.

මේ තහනමට අමතරව යූරෝ 5,000ක දඩයක්ද නඩු ගාස්තු වශයෙන් තවත් යූරෝ 15,000ක් ද ගෙවන ලෙසට රිකෝට නියෝග කෙරිණි.

ම් තහනම මේ වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව 2024 ජනවාරි 18 වන දින දක්වා රිකෝට තරගවලට සහභාගි වීමට ඉඩ නොලැබෙනු ඇත. ඒ වනවිට රිකෝ 40 වැනි වියට පත්ව සිටිනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා