රෝස ජර්සිය කැනඩාවේ රයිඩර්ට

රෝස ජර්සිය කැනඩාවේ රයිඩර්ට

කොස්ටාරිකා රාජ්‍යයේ ඇන්ඩ්‍රි අමදෝර් ඉතාලි පාපැදි සවාරියේ 14 වැනි අදියරේ ජය හිමිකර ගනිද්දී සමස්ත තරගාවලියේ ජයග්‍රාහකයාට හිමි රෝස ජර්සිය අත්කරගැනීමට කැනඩාවේ රයිඩර් හෙස්ජෙඩාල් සමත්විය. මේ අදි‍යරේ දී රයිඩර්ට හිමිවී තිබුණේ සිවුවැනි ස්ථානයයි.

'තරගය නිමාකිරීමට කි‍ලෝමීටර් 3ක් පමණ ඉතිරිව තිබිය දී රෝස ජර්සිය ඇත්තේ තව ඉදිරියෙන්. මම ඊට යායුතුයි. යන හැඟීම මට දැනුණා. එතැනින් මම ම‍ගේ ගමන වේගවත් කළා.' ‍රෝස ජර්සිය පැළඳ ගැනීමෙන් අනතුරුව ඔහු පැවැසීය. මේ වනවිට ඔහු සමස්ත තරගාවලි‍යේ දී පෙරදිනයේ පෙරමු‍ණේ සිටි ස්පාඤ්ඤයේ ජෝකිම් රොඩ්‍රිගස්ට වඩා තත්පර 7කින් ඉදිරියෙන් පසුවන අතර ඉතාලියේ පාපැදි ශූර පාවොලෝ ටිරලොංගෝ ඔහුට වඩා තත්පර 41ක් පසුපසින් තුන්වැනි ස්ථානයේ පසුවෙයි.

කිලෝමීටර් 206කින් යුත් 14 වැනි අදියරේ ජය හිමිකරගත් අමදෝර් තරගය නිමා‍කළේ පැය 5කුත්, මිනිත්තු 33ක් සහ තත්පර 36ක කාලයක් වාර්තා කරමින්ය. වසර 4ක වෘත්තීය පාපැදි තරග දිවියේ දී 25 හැවිරිදි අමදෝර් ප්‍රධාන පෙළේ තරගාවලියක අදියර ජයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා