කුරුණෑගල කොට්ඨාස පහකට ජල ව්‍යාපෘති

කුරුණෑගල කොට්ඨාස පහකට ජල ව්‍යාපෘති

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස පහකට ජලය ලබාගත හැකි වන පරිදි හක්වටුන ඔයට මා ඔයෙහි ජලය ගෙන ඒම සඳහා වූ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය මගින් මේ සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන වෙන් කර දීමට කටයුතු කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපෑ ජල ප්‍රශ්නය ද මේ අනුව බොහෝ දුරට විසඳීමට හැකියාව ලැබේ.

පොල්ගහවෙල, දඹදෙණිය, කටුගම්පොළ, කුලියාපිටිය සහ බිංගිරිය මැතිවරණ කොට්ඨාසවල වී වගාව ඇතුළු අනිකුත් වගා කටයුතු සඳහා පැවති ජල හිඟය මෙමගින් මග හැරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා