පන්විල බැද්දේගම වැසියෝ මාර්ග පහසුකම් නැතිව අසීරුවේ

පන්විල බැද්දේගම වැසියෝ මාර්ග පහසුකම් නැතිව අසීරුවේ

* ඉදිකළ පාලමේ වැඩ අතරමඟ

 

පැත්තක් පමණක් ඉදිකර ඇති පාලම

තැන් තැන් වල කොන්ක්‍රීට් දමා තිබෙන අයුරු

පාතදුම්බර මැතිවරණ කොට්ඨාසයට අයත් පන්විල කඳුකරයේ දුෂ්කර ගම්මානයක් වන තවලන්තැන්න පහළගම හරහා බැද්දේගම මාර්ගයට පිවිසෙන මාර්ගයේ වැඩ ආරම්භ කර වසර 35 ක් ගත වී ඇතත් තවමත් වැඩ නිම කර නැත.පන්විල කඳුකර ගම්මානවල 1977 ආරම්භ කළ ව්‍යාපෘති අතරින් ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස මේ මාර්ගයේ වැඩ ආරම්භ කළ බව ගම්වාසීහු පවසති.

ආරම්භයේ දී මේ මාර්ගය ඩෝසර් කර ඉඩකඩම් ගස් කපා තැනින් තැන බෝක්කු දමා වැඩ අතරමග නතර කර දමා තිබීමෙන් පසු යළි ජාතික සවිය ගම නැඟුම වැඩ සටහන යටතේ තැන් තැන්වල කොන්ක්‍රීට් දමා මාර්ගය පිළිසකර කෙරිණි. ඒ අනුව පෞද්ගලික ආයතනයකින් පුවක්අත්තා ඔය හරහා පාළමක් ඉදිකිරීමේ කටයුතුද පටන් ගත්තත් පාලමේ වැඩ අතරමග නතර කර ඇත.

2008 වසරෙන් පසු මාර්ගයේ වැඩ කිසිවක් කර නොමැති අතර මාර්ගයේ කොන්ක්‍රීට් ගැලවී යමින් පවතී. ගම්වාසීන් මේ මාර්ගය තැනීමට රුපියල් ලක්ෂ ගණනක් වටිනාකමින් යුක්ත ඉඩම් කඩම් ගස් කොළන් කපා දැමීමට අවසර දුන්නත් මාර්ගය ඉදිකිරීමේ කටයුතු තවමත් සිහිනයක් බවට පත් වී තිබේ. මේ මාර්ගයේ පාපැදියක් යාමට තරමටවත් සංවර්ධනය කර පිළිසකර කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා