ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2012 වැඩිම ආදායම උතුරෙන්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2012 වැඩිම ආදායම උතුරෙන්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ජනතාවට නිවාස ඉදි කර ගැනීමට ලබාදී ඇති ණය මුදල් හා නිවාස කුලී මුදල් නැවත අය කර ගැනීම් අතින් 2012 වසරේ වැඩිම ආදායම හිමි වී ඇත්තේ කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්කවලින් බව එම අධිකාරිය පවසයි.

2011 වසරේදී එම අයකර ගැනීම්වලින් ඉපැයූ මුදල රුපියල් කෝටි 146ක් බවත් 2012 වසරේදී රුපියල් කෝටි 196ක ආදායමක් ඉපැයූ බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පැවසීය.

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ නිවාස ණය හා කුලී අය කර ගැනීම් සියයට පන්සිය පහළොවක් ඉක්මවා ඇති බවත් මුලතිව් දිස්ත්‍රික්කයේ අය කිරීම් සියයට දෙසීය අසූ එක ඉක්මවා ඇති බවත් ඒ මහතා පැවසීය.

2010 වසරේදී අක්‍රමවත්ව පැවැති ණය හා කුලී අය කර ගැනීම් 2011 වසරේදී සාර්ථකව අය කර ගැනීමට හැකි වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කළ 'ණය අය කිරීමේ විශේෂ වැඩසටහන්' නිසා බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා