හොඳ මිලක් තිබුණත් ‘කරාබු’වලට වැස්සෙන් අපලයි

හොඳ මිලක් තිබුණත් ‘කරාබු’වලට වැස්සෙන් අපලයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙවර සාර්ථක කරාබු නැටි පලදාවක් ඇති නමුත් මේ දිනවල පවත්නා අධික වර්ෂාව නිසා කරාබු නැටි නරක් වී ගස්යට වැටීමට පටන්ගෙන ඇති බව කරාබු වතු හිමියෝ පවසති.

මේ වනවිට කරාබු නැටි කිලෝවක් රුපියල් 900.00 දක්වා මිල නැග ඇත.

එලගල්ල, දීවෙල, මිනුවන්ගමුව, දම්පැල්ගොඩ, මහරංගල්ල, රොටුව, උඩුවාගම, යටියන්තොට, ඇරැගම, උදුගොඩ, කබගමුව ඇතුළු ගම් රැසක කරාබු වගා කර තිබේ.

දිගටම වැස්ස පැවතුණහොත් කරාබු නැටි කුණුවී මහත් පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බව කරාබු වතු හිමියෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා