භෝජනේ මතතඤ්ඤතා

භෝජනේ මතතඤ්ඤතා

මෙහි සරල අදහස නම්, මා ආහාර ගන්නේ ගමේ ළමයින් වගේ විනෝදයට නෙමෙයි. යුද්ධ භටයන් වගේ බලය ශක්තිය පිණිස නොවේ. ශරීරය මහත් කර ගැනීමටවත් පැහැපත් කර ගැනීමටවත් නොවෙයි. ජීවිතය පවත්වා ගැනීම පිණිසය. කුසගින්න නැතිකර ගැනීම පිණිසය. නිරාහාරව ශාසන ප‍්‍රතිපත්තිය පවත්වාගෙන යාමට නොහැකි නිසයි.


දක්ෂිණ ලංකාවේ උප ප‍්‍රධාන අධිකරණ සංඝ නායක,
මැද්දෙවත්ත ඉසිපතනාරාම විහාරාධිපති,
තලහගම ඤාණරතන හිමි

ධ භික්ඛවෙ භික්ඛු පටිසංඛා යොනිසො ආහාරං ආහාරෙති.......” අංගුත්තර නිකායේ රථකාර වග්ගයේ හයවන සූත‍්‍රයේ භෝජනේ මත්තඤ්ක්‍දුතා යන්න විස්තර කරමින් ප‍්‍රකාශිත දේශනා පාඨයේ ආරම්භයයි ඒ දැක්වූයේ. මේ සූත‍්‍රයට අනුව භික්ෂුව විසින් පිළිපැදිය යුතු අපණ්ණක නැමැති ප‍්‍රතිපදාවේ අංක තුනක් ඇත. භෝජනා මත්තඤ්ක්‍දුතා යන්න එහි දෙවන අංගයයි. අපණණක ප‍්‍රතිපදා යන වචනයට තේරුම් රාශියක් වෙයි. අවිරුද්ධ – නිර්දෝශී - ඒකාන්ත - සත්‍ය යනු ඉන් කීපයකි. නෛර්යානික යනු තවත් තේරුමකි. නිවනට පමුණුවන යන්නයි එහි තේරුම.

අපේ ඇස් කන් නාසා දී ඉඳුරන්, රූප, ශබ්ද, ගන්ධ ආදී බාහිර අරමුණු ගන්නා බව කවුරුත් දන්නා කාරණයක්. එසේම එම අරමුණු රසවිඳීමේ සීමාවකුත් නැති බව පේනවා. විශේෂයෙන්ම ජීවි හා ඉන්ද්‍රිය එනම් දිව මිහිරි රස කොපමණ ලැබුණත් තෘප්තියක් ලබන්නේ නැහැ. තණ්හා භරිත පුද්ගලයා තව තවත් දිව පිනවීමට උත්සාහ කරනවා. රස සොය සොයා යනවා. මුළු සේසතම රසය සඳහා වැය කරනවා. ඒත් තෘප්තියක් නෑ. ආහාර ගැනීමේ සීමාවක් නෑ. කුස පිරුණත් තව ටිකක් කොහොම හරි කනවා. පැරැණි බෞද්ධ කථාවල සඳහන් වෙනවා, ඇතැම් බමුණන් ඔවුන්ගේ යාගවලට ගියාම ලැබෙන මස් මාංශාදියෙන් යුත් රස භෝජන තලු මර මරා කනවා සීමාවක් නෑ.

බඩ පිරිලා මුදුනට ආවාට පසු ගිරිය දක්වා ලේ නාළයත් පිරෙන තුරු කනවා. අන්තිමේ මත්වුණාම කිසිවක් කරකියා ගත නොහැකිව එළිමහනේ තැන තැන උඩුබැලි අතට වැටිලා කටවල් ඇරගෙන බුදියනවා. කපුටන් ඇවිත් ඇරිච්ච කට ඇතුළට හොට දමා ගිරිය දක්වා පිරිලා තිබෙන ආහාර ඇද ඇද කනවලු. මේවා එකල සුලභ දර්ශන. බුදුරජාණන් වහන්සේ මෙවැනි පිළිකුල් සහිත දර්ශන කොතෙකුත් දකින්නට ඇත.

අධික ලෙස ආහාර ගැනීම

තමන් වහන්සේගේ ශ‍්‍රාවකයන්ට උගන්වන්නේ උත්සාහයෙන් භාවනාවල යෙදිලා හිත දමනය කර ගැනීමටයි. මේ බමුණන් වගේම සාමාන්‍ය ජනතාව අතරත් පැවැති සීමාව ඉක්මවා ආහාර ගැනීමේ සිරිත, සාමාන්‍ය ජනතාව අතරින් පැමිණ පැවිදි වූ ඇතැම් ශ‍්‍රාවකයන්ටත් නොතිබුණා නොවේ. ඔවුන්ට භාවනාවේ යෙදී වැඩි වෙලාවක් සිටිය නොහැකිය. ගත සිත දෙකම දැඩි නිද්‍රාවකට පමුණුව යි. එවිට චිත්තේකාග‍්‍රතාවක් ඇති නොවේ.

අනෙක් අතට අධික ලෙස ආහාර ගැනීම නිසා ලෙඩ රෝග ද අධික වෙයි. වැඩි වැඩියෙන් රසවත් ආහාර සෙවීමට කල්ගත කරනවා මිස මහණකමේ කටයුතුවලට උනන්දුවක් නැත. ;ම් තත්ත්වය අවබෝධ කරගත් බුදුහු අධික ආහාර ගැනීම පාලනය කිරීම පිණිස මනෝ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් හඳුන්වා දුන්හ. භික්ෂුවක් සිවුපසය පරිභෝජනය කිරීමේ දී අනුගමනය කළ යුතු ප‍්‍රත්‍යවේක්ෂා ක‍්‍රමයක් ඉදිරියට ආවේ මෙම පසුතලය තුලය.

අපණ්ණක යනුවෙන් හඳුන්වනු ලැබූ නිවැරැදි, ස්ථිර, නෛර්යානික වැඩපිළිවෙළට ඇතුළත් වූ බුද්ධ ශ‍්‍රාවකයන් සිවුරු පරිහරණය කිරීමේදී සිහිකළ යුතු පිළිවෙළට අනතුරුව, පිණ්ඩපාත භෝජනය වැළදීමේදීත් ආසන සෙනසුන් පරිහරණයේදීත් අන්තිම වශයෙන් ගිලන්පස, බේත් හේත් පරිභෝජනය කිරීමේදීත් අනුගමනය කළ යුතු සිතිය යුතු අන්දම ඉතා පැහැදිලිව කියා දෙන ලදී.

එම ක‍්‍රමවේදය හඳුන්වනු ලැබුවේ පච්චවෙක්ඛණා හෙවත් ප‍්‍රත්‍ය මෝක්ෂ යනුවෙනි. මෙයින් අප මාතෘකාවට අනුකූල වන භෝජනේ මත්තඤ්ඤතාව හෙවත් පමණ දැන වැළඳීම ප‍්‍රතිපත්තියක් කර ගනු පිණිස, සාමාන්‍ය ජනතාව ආහාරපාන ගැන සිතන අන්දමේ සැලකිය යුතු පෙරැළියක් සිදුකිරීමට අදහස් කළ අන්දම පහත සඳහන් පාලි වැකියෙන් පැහැදිලි වෙයි.

ඉධ භික්ඛවෙ භික්ඛු පටිසංඛා යොනිසො ආහාරං ආහාරෙති. නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස තායස්ස ඨිතියා යාපනාය විහිං සුපරතියා බ‍්‍රහ්මචරියානු ගගහාය ඉති පුරාණං ච වේදනං පටිහංඛාමි නවංච වේදනං න උප්පාදෙසසාමි, යාත‍්‍රාච මේ කවිස්සති අනවජ්ජතාච පාසු විහාරොචාති. එවං භික්ඛවෙ භික්ඛු භොජනෙ මතතඤ්Î හොති”

මෙහි සරල අදහස නම්, මා ආහාර ගන්නේ ගමේ ළමයින් වගේ විනෝදයට නෙමෙයි. යුද්ධ භටයන් වගේ බලය ශක්තිය පිණිස නොවේ. ශරීරය මහත් කර ගැනීමටවත් පැහැපත් කර ගැනීමටවත් නොවෙයි. ජීවිතය පවත්වා ගැනීම පිණිසය. කුසගින්න නැතිකර ගැනීම පිණිසය. නිරාහාරව ශාසන ප‍්‍රතිපත්තිය පවත්වාගෙන යාමට නොහැකි නිසයි. මේ ආහාරය ගත්තම බඩගින්න නැති වෙනවා. සීමාව ඉක්මවා කෑමෙන් වන අපහසුවත් මග ඇරෙනවා. ජීවිතය දිගුකාලයක් පවත්වාගෙන යාමටත් හැකි වෙනවා. ජීවත්වීමටත් පහසුවක්.

පිණ්ඩපාත භෝජනය වළඳන ගමන් නොකඩවා මේ විධියට කල්පනා කරනවිට ඒ කෙරෙහි පවතින ආශාව මැඩ පැවැත්වෙනවා. ගිජු බව අඩු වෙනවා. කෑම පිළිබඳ පෙර නොතිබූ විරූ විනයක් ඇති වෙනවා. මේ ප‍්‍රතිපත්තිය ඇති වටිනාකම බුදුරජාණන් වහන්සේ වරින්වර කරනු ලැබූ ප‍්‍රකාශවලින් තවදුරටත් තහවුරු වෙයි.

කි‍්‍රයාවලියට බාධා

“චත්තාරො පංච ආලොපෙ – අභුත්වා උදකං පිවෙ
අලං පාසු විහාරාය – පහිතතස්ස භික්ඛුනො”

ආහාර පිඩු හතරක් පහක් තව කෑමට ඉඩ තියෙද්දී වතුර බොන්න. භාවනානු යෝගී භික්ෂුවගේ පහසුව පිණිස එය හේතුවෙයි. මේ කොපමණ වටිනා මග පෙන්වීමක්ද? අප ශරීරයේ අභ්‍යන්තර සෑම ඉන්ද්‍රියකම යම්කිසි ප‍්‍රමාණයක් ඇත. එම ප‍්‍රමාණය ඉක්මවා යාම ලෙඩ රෝගවලට හේතුවෙයි. අප කටෙන් ඇතුළු කරන ආහාරය කෙළින්ම ගමන් කරන්නේ ආමාශයටයි. එහිදී ආමාශයික යුෂ ආදී විවිධ ඕජස් සමඟ ආහාරය මිශ‍්‍ර වෙමින් පැසවමින් පෙරළමින් සීමිත වෙලාවක් ආමාශයේ රැඳී පවතිනවා. මෙම කි‍්‍රයාවලිය නිසිපරිදි නොසිදු වුවහොත් ආහාර හොඳට පැසවීමත් දිරවීමත් සිදුනොවෙයි. ආමාශය අහරින් පිරී ගිය විට මේ කි‍්‍රයාවලියට බාධා පැමිණෙයි. ඒ නිසයි, තව ආහාර පිඩු කීපයකට ඉඩ තබා වතුර බී ආහාර ගැනීම නවත්වන්නැයි කීවේ.

මේ අන්දමට ප‍්‍රමාණය ඉක්මවා ආහාර ගත්විට ආමාශය දුර්වල වේ. එය සදා කාලයටම ලෙඩ රෝගවලට හේතුවකි. ඇඟ දුබල වෙයි. නිදිමත වැඩිවෙයි. කාමාශා වැඩිවෙයි. භාවනාවත් තබා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කටයුතුවත් කර ගැනීමට බැරිවෙයි. ධම්ම පදයේදී භෝජනමගි අමතකඤ්ක්‍දුං කුසීතං හීන වීරියං කියන්නෙත් එම කරුණම යි. එහි අනෙක් පැත්ත, භෝජනමති ච මත්තඤ්ඤ - සද්ධං ආරද්ධ වීරියං” යනුවෙන් පමණ දැන වළඳන්නා සැදැහැවත් වීරියවත් පුද්ගලයෙකු බව සඳහන් කරයි.

ආර්ථික සංරක්ෂණය

මෙතෙක් සාකච්ඡා කෙළේ ආහාර පමණ දැන ගැනීම ගැනය. මෙය න්‍යායකි. ඒ නිසා, ආහාර පමණක් නොව ජීවිතයේ කවර දෙයක් පාරිභෝජනයේදී වූව ද මේ න්‍යාය අදාළ ය. එය ආර්ථික සංරක්ෂණයට කදිමට ගැළපෙන න්‍යායකි. හැමවිටම තමන් උපයන හෝ ලැබෙන ප‍්‍රමාණය ගැන අවබෝධයෙන් විය පැහැදම් කළ යුතුය. ගෙදර දොර එදිනෙදා වියදම් මනා අවබෝධයකින් කළ යුතුය. නැතිනම් උපයන මුළු මුදලම කෑමට ම වියදම් වෙයි.

අනෙක් අවශ්‍යතා ඉටුකිරීමට ගියවිටයි, මුදල් අවසන් බව මතක් වෙන්නේ. ඊළඟට ඉතින් පොළියට, ණයට, කුලියට ගන්නවා මිස වෙන මොනවා කරන්න ද? කොපමණ කලක් එය කරගෙන යන්නද? සාමාන්‍ය ගෙදරක මත්තඤ්ක්‍දුතාව රැකගැනීමේ වැඩි වගකීමක් ඇත්තේ ගෙදර ස්වාමි දියණියටය. නැතිනම් බිරියටය.

ඇය අදූර දර්ශීව, හැඟීම්වලට වහල්ව විය පැහැදම් කිරීමට පුරුදු වුනොත් එම පවුලම හිඟමනට වැටෙන එක කාටද නතර කරන්න පුළුවන්. ස්වාමි පුරුෂයා වුනත් තමා සපයන ප‍්‍රමාණය ගැන නොසලකා පෞද්ගලික තෘප්තිය සඳහාම සුරාවට සූදුවට හා සල්ලාලකමට වියදම් කරන්නට ගියොත් එම දරු පවුලම අනාථ වනවා සිකුරුයි.

මේ අනුව සාමාන්‍ය ජීවිතයේ සියලුම කටයුතුවලදී මත්තඤ්ක්‍දු ප‍්‍රතිපදාව අතිශයින් වැදගත් වන බව තේරුම් ගත යුතුයි. අපේ සමහරක් අය තමන්ගේ තත්ත්වය ගැන නොසිතා අනුන් අනුකරණය කිරීමට යාමේදීද මේ තත්ත්වය උදාවෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා