හිටපු හෙව්වේට් සූරයා මියයයි

හිටපු හෙව්වේට් සූරයා මියයයි

හිටපු හෙව්වේට් බොක්සිං සූර ජොන්සන් මිය ගියේය.

වයස අවුරුදු 76 ක් වූ ඔහු 1959 දී ෆොලායිඩ් පැටර්සන් පරදවා හෙව්වේට් බොක්සිං කුසලානය දිනාගත්තේය.

මුලින්ම බොක්සිං කවයට පිවිසියේ වයස අවුරුදු 15 දීය. බොක්සිං තරග 71 අතුරින් 60ක් ජයගත් ජොන්සන්, ප‍්‍රථම වරට පසුබෑමට ලක්වූයේ හෙල්සිංකිහි පැවති 1952 ඔලිම්පික් තරගයේදී දිනාගත් රිදී පදක්කම අහිමිකරගත් අවස්ථාවේය.

1956 දී ඔහු යුරෝපීය හෙව්වේට් කුසලානය දිනාගත්තේ ඉතාලියානු බොක්සිං ශූර ෆ‍්‍රැන්සිස්කෝ පරාජයට පත්කරමිනි.

ස්වීඩනය බිහිකළ හොඳම බොක්සිං ශූරයා වශයෙන් ජොන්සන් නම්කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා