මුරලි ලෝක වාර්තාව සම කරද්දී ඉන්දියාව තරගාවලිය ජය ගනී

මුරලි ලෝක වාර්තාව සම කරද්දී ඉන්දියාව තරගාවලිය ජය ගනී

ලකුණු 147කින් ශී‍්‍ර ලංකාව පරදවයි

ශී‍්‍ර ලංකා - ඉන්දියා අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් තරගාවලිය නිමාවීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3 – 0ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කී‍්‍රඩකයෝ ඊයේ සමත් වූහ. කොළඹ ආර්. පෙ‍්‍ර්මදාස අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ දී පැවැති තෙවැනි තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට ලකුණු 147 ක පරාජයකට මුහුණ පෑමට සිදුවූහ.

ෂෙවාග් 116යි

පිට පිට ම කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව තමා සතු කර ගනිමින් ඕවර 50 නිමා වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 363ක් ලබා ගත්තේ ය. ඉන්දීය ඉනිම වෙනුවෙන් විරේන්ද්‍ර ෂෙවාග් සහ යුවරාජ් සිං ශතක රැස් කරමින් ද යූසුෆ් පතන් නොදැවී අර්ධ ශතකයක් ද රැස් කරමින් කැපී පෙනුණි.

ලකුණු 364ක ඉලක්කයක් පසුපස ගිය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ඕවර 41.4ක දී ලකුණු 216ක් පමණි. එහි දී කැපී පෙනෙන ඉනිමක නිරතවීමට උප නායක කුමාර සංගක්කාර සමත් වූයේ ය.

ඉන්දීය ඉනිම අභිබවා යෑමේ කිසිදු ලක්ෂණයක් ශී‍්‍ර ලංකා ඉනිම තුළ දී දැකගත නොහැකි වූ අතර ඔවුන්ට සිදුවූයේ තම පරාජය අවම කර ගැනීම සඳහා ලකුණු රැස් කිරීම පමණි.

ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 7දී දැවී ගියේ සනත් ජයසූරිය තම පළමු පන්දුවේදී ම දැවී යෑම නිසා ය. එය තරමක අවාසනාවන්ත ආරම්භයක් වුවද ඉන් මිදීමට ඩිල්ෂාන් සහ කුමාර සංගක්කාර උත්සාහ කළහ.

නමුත් ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව පැවතියේ ලකුණු 44ක් දක්වා පමණි. ඩිල්ෂාන් පන්දු 26ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 31ක් ලබා දැවීගියේ ඛාන්ගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ ගැටීම නිසාය.

අනතුරුව මහේල සමඟ එක්වූ කුමාර සංගක්කාර තෙවැනි කඩුල්ලට පන්දු 59ක දී ලකුණු 63ක් රැස් කළේ තම ඉනිමේ හොඳම කඩුලු සබඳතාව ලෙස ය. මහේල පන්දු 33ක දී ලකුණු 30ක ට දැවී යන විට ලකුණු පුවරුව 118 රැඳී තිබුණි.

තනි අශ්වයකුගේ ගමනක නිරත වූ සංගක්කාර පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟ ලකුණු 83ක් රැස් කළේ ය. ඔහු අනවශ්‍ය පහරකට නොයන්නට ශී‍්‍ර ලංකා ඉනිමේ ලකුණු තත්ත්වය මීට ඉහළ නැංවීමට ඉඩ තිබුණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වමත් දඟ පන්දු යවන ප‍්‍රාග්යන් ඕජා ලකුණු 34කට කඩුලු 4ක් දවාලුවේය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඊයේ තරගයේ දී තරමක් දුරට හෝ මද අස්වැසිල්ලක් වූයේ මුත්තයියා මුරලිදරන් වසීම් අක‍්‍රම් විසින් පිහිටුවා තිබූ ලොව වැඩිම එක්දින කඩුලු හිමිකාරීත්වයේ වාර්තාව සම කිරීම ය.

දෙවැනි එක්දින තරගයේ දී කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට වාසනාවන්ත නොවූ මුරලි ඊයේ තම 8 වැනි ඕවරයේ දී යුවරාජ් සිං දවාලමින් එක්දින ජාත්‍යන්තර කඩුලු 502 වාර්තා කළේ ය.

මේ අතර ඊයේ ඉන්දියාව රැස් කළ ලකුණු 363 කොළඹ ආර්. පෙ‍්‍ර්මදාස ජාත්‍යන්තර පිටියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ප‍්‍රමාණය සේ වාර්තා පොතට එක් වූවේ ය.

මීට ප‍්‍රථම එම වාර්තාවේ හිමිකාරීත්වය හිමිව තිබුණේ පකිස්තානයට ය. ඒ 1997 වසරේ දී බංග්ලා දේශයට එරෙහිව රැස් කළ ලකුණු 319 යි.

දෙවැනි තරගයට කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම වෙනසකින් තොරව ඊයේ තරගයට ද නම් කර තිබූ අතර ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් දෙවැනි තරගයට කී‍්‍රඩා කළ තිලාන් තුෂාර මිරැන්ඩෝ වෙනුවට දිල්හාර ප‍්‍රනාන්දු කැඳවා තිබුණි.

දිල්හාර තම පළමු ඕවරයේදී ම සචින් තෙන්ඩුල්කාර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේය. සචින් සංචාරක තරග තුනේදී ම කඩුල්ල මුවා කිරීමේ වරදට ගොදුරු වූ අතර එම සියලු විනිසුරු තීරණ තරමක ආන්දෝලනයක් මතු කළේය. සචින් ඊයේ තරගයේ දී රැස්කළේ ලකුණු 7 ක් පමණි.

ගෞතම් ගාම්භීර් පැමිණි විගසම පොයින්ට් හී පන්දු රැකි තිළිණ කණ්ඩම්බි වෙතට උඩ පන්දුවක් ලබා දුන්නද එය රැකගැනීමට ඔහු අසමත් විය. එහි වාසිය ගැනීමටත් පෙර අවාසනාවන්ත ලෙස ගාම්භීර දුවද්දී දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 2 කට 24 ක්ව තිබියදී ය.

ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග්ට එකතු වූ යුවරාජ් සිං ඉන්දීය ඉනිමේ ගැලවුම්කරුවෝ වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 221 ක සබඳතාවක් ගොඩනැඟූහ. ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධනට කිසිවක් ම කර කියා ගත නොහැකි වූ ඒ පන්දු 167 තුළ පෙ‍්‍ර්ක්‍ෂකයන්ටද සිදුවූයේ හිස අත් තබාගෙන සිදුවන දේ බලා සිටීම පමණි.

ෂෙවාග් - යුවරාජ් ලකුණු සබඳතාවයේ ලකුණු 100 පන්දු 64 කදී ද, ලකුණු 150 පන්දු 100 කදී ද සහ ලකුණු 200 පන්දු 142 කදී ද වාර්තා වීම කැපී පෙනුණි.

තරගයේ වීරයා
යුවරාජ් සිං 117 යි

යුවරාජ් ඊයේ එක්දින ජාත්‍යන්තර පිටියේ තම 11 වැනි ශතකය වාර්තා කළේ පන්දු 82 කදීය.

මුරලිදරන්ගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුව චාමර කපුගෙදර ලබාගැනීමත් සමඟ ඔහුගේ ඉනිම ලකුණු 117 කට සීමා විය. යුවරාජ් පන්දු 95 කට මුහුණ දී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් ඒ වන විට එල්ල කර තිබුණි.

ඊට පසුව යැවුණු තෙවැනි ඕවරයේදී ලකුණක් කරා දිව යෑමට උත්සාහ කළ විරේන්ද්‍ර ෂෙවාග් දවාලීමට සනත් ජයසූරිය පන්දුව කෙළින්ම කඩුල්ලට එල්ල කළේය. ඒ වන විට ඔහු පන්දු 89 ක දී ලකුණු 116 ක් රැස්කර ගෙන තිබුණි.

ෂෙවාග් ඊයේ රැස්කළ තම දසවන එක්දින ජාත්‍යන්තර ශතකය සඳහා හතරේ පහර 17 ක් එල්ල කර තිබුණි.

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමත් සමඟ ඉන්දීය ලකුණු දඩයම තරමක් දුරට මෙල්ල වූ අතර ඉතිරි ඕවර 19.1 දීම ඔවුන් රැස්කළේ ලකුණු 118 ක් පමණි. ඔවුන්ගේ ඉනිම නිමාවන විට මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 35 ක් ද යුසුෆ් පතාන් නොදැවී ඉක්මන් ලකුණු 59 ක් ද, වාර්තා කර සිටියහ.

පතන්ගේ ඉනිම පන්දු 38 කින් වාර්තා වූයේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟය. ඔවුන් දෙදෙනා 6 වන කඩුල්ලට පන්දු 64 කදී නොදැවී ලකුණු 85 ක් රැස්කළහ.

දෙරට අතර සිවුවැනි එක්දින ජාත්‍යන්තර තරගය හෙට (05) දිවා රාතී‍්‍ර තරගයක් ලෙස ආර්. පෙ‍්‍ර්මදාස ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී ම පැවැත්වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා