නාවින්න කී‍්‍රඩා පිටිය හෙට විවෘත වෙයි

නාවින්න කී‍්‍රඩා පිටිය හෙට විවෘත වෙයි

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ ඉදිකළ මහරගම නාවින්න කී‍්‍රඩා පිටිය හෙට 05 දින පස්වරු 3.30 ට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් විවෘත කෙරේ.

කී‍්‍රඩා සංකීර්ණය විවිධ කී‍්‍රඩා පහසුකම් වලින් සමන්විතය. වොලිබෝල්, ටෙනිස් හා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පුහුණුවීම් ස¼ඳහා අවශ්‍ය පහසුකම් මහරගම කී‍්‍රඩා සමාජය විසින් සපයනු ඇත.

විවෘත කිරීමේ උත්සවයට සමගාමීව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින් හා ජනප‍්‍රිය නළු නිළියන් අතර ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයක් ද පැවැත්වේ.

ආබාධිත රණවිරුවන්ගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රදර්ශන වොලිබෝල් තරගයක් ද සංවිධානය කර ඇත.

මීට අමතරව ප‍්‍රදර්ශනාත්මක ටෙනිස් හා නෙට්බෝල් තරග හා විවිධ රසවින්දනාත්මක වැඩසටහන් රැසක් මහරගම කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා