ටෙනිස් තේරීම් තරග වහාම අත්හිටුවයි

ටෙනිස් තේරීම් තරග වහාම අත්හිටුවයි

ශී‍්‍ර ලංකා ටෙනිස් සම්මේලනය මගින් පැවැත්වූ තේරීම් තරග වහාම නවත්වන ලෙස කී‍්‍රඩා අමාත්‍යංශය දැනුම්දී ඇත. ලබන මාර්තු මාසයේ මියන්මාරයේ පැවැත්වීමට නියමිත ඩේව්ස් කුසලාන කණිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තේරීම් සඳහා පසුගිය මස 23 වැනිදා සිට තේරීම් තරග ආරම්භ විය.

මේ අතර ටෙනිස් තේරීම් තරග පැවැත්වීමේ ක‍්‍රමවේදය අසාධාරණ බවට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසකගේ මවුපියන් කී‍්‍රඩා අමාත්‍යංශයට පැමිණිලි කර තිබුණි. එම චෝදනා සැලකිල්ලට ගෙන පවත්වමින් තිබූ තේරීම් තරග අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍යවරයා නියෝග කර ඇත.

ඩේවිස් කුසලාන කණිෂ්ඨ ටෙනිස් තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමට පිළිගත් ක‍්‍රමවේදයක් ශී‍්‍ර ලංකා ටෙනිස් සම්මේලනයට ඉදිරියේදී ලබාදෙන බවටද අමාත්‍යංශය දැනුම් දී ඇත.

ශී‍්‍ර ලංකා ටෙනිස් පරිපාලනය දැනට අතුරු කමිටුවක් මගින් සිදුකෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා