දැයට කිරුළ භූමියේදී රණවිරුවකු වන්න වරම්

දැයට කිරුළ භූමියේදී රණවිරුවකු වන්න වරම්

වීරෝදාර රණවිරුවකු ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාවට එක්වීමට කැමැති තරුණයන්ට “දැයට කිරුළ” ප‍්‍රදර්ශන භූමියේදී ඊට අවස්ථාව සලසා තිබේ.

මේ මස 4 දින සිට 8 දා දක්වා කාලයේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ආධුනිකයන් බඳවා ගැනීමේ කුටියේදී යුද හමුදා නිත්‍ය හා ස්වේච්ඡා සේනාවලට බඳවා ගැනීම් සිදුකැරේ.

වයස අවුරුදු 18 ත් 24 ත් අතර උස අඩි පහයි අඟල් හතරකට නොඅඩු උසකින් යුතු අවම වශයෙන් අටවන ශ්‍රේණිය සමත් අයට මේ සඳහා එක්විය හැක.

ශිෂ්‍ය කාර්ය දර්ශකයේ මුල් පිටපත, ග‍්‍රාම සේවක සහතිකය, පොලිස් සහතිකය ඇතුළු ලබා ඇති වෙනත් සියලු සහතික ද රැගෙන එහි පැමිණෙන ලෙස සුදුසුකම්ලාභීන්ට යුද හමුදාව ඇරයුම් කරයි.

උසකින් යුතු අවම වශයෙන් අටවන ශ්‍රේණිය සමත් අයට මේ සඳහා එක්විය හැක. ශිෂ්‍ය කාර්ය දර්ශකයේ මුල් පිටපත, ග‍්‍රාම සේවක සහතිකය, පොලිස් සහතිකය ඇතුළු ලබා ඇති වෙනත් සියලු සහතික ද රැගෙන එහි පැමිණෙන ලෙස සුදුසුකම්ලාභීන්ට යුද හමුදාව ඇරයුම් කරයි.
 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා