දැයට කිරුළ අද ඇරැඹේ

දැයට කිරුළ අද ඇරැඹේ

“රට දිනන-හෙට දිනට” යන්න තේමාව කරගත් දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනය අද (4) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී ආරම්භ කැරේ.

මේ ප‍්‍රදර්ශනය 8 දා තෙක් පෙරවරු 9.00 සිට රාතී‍්‍ර 12.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප‍්‍රදර්ශනය පැවැත්වෙන දින පහ විවිධ ක්ෂේත‍්‍ර සඳහා වෙන් කැර ඇත.

ප‍්‍රදර්ශනයේ පළමු දිනය වන අද (04) ආරක්ෂක දිනය ලෙසත් හෙට (05) සංස්කෘතික දිනය ලෙසත් වෙන් කැර ඇති අතර තෙවැනි දිනය (06) සමාජ සුබ සාධන දිනය ලෙස නම් කොට තිබේ.

ඊට අමතරව සිවු වෙනි දිනය (07) සංවර්ධන දිනය වන අතර අවසන් දිනය (08) ජනමාධ්‍ය දිනය ලෙස නම් කැර ඇත.

මේ සෑම දිනෙකම ප‍්‍රදර්ශනය අවසානයේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන අතර ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට නොමිලයේ ප‍්‍රදර්ශන භූමියට ඇතුළු වීමට හැකිය.

ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව හා පොලීසිය ඒකාබද්ධව ආරක්ෂක වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා