ඒ - 9 මාර්ගය

 ඒ - 9 මාර්ගය

2007 මුලදි ආරක්‍ෂක බලකායන් වන්නියේ මෙහෙයුම් ආරම්භ කැර තිබුණද මුල් අවදියේදී ඒ 9 මාර්ගය ගැන අවධානයක් යොමු නොවී තිබිණ. බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ ගේ මෙහෙයවීම යටතේ lll කාර්ය සාධක බලකාය, වන්නි මෙහෙයුම අරඹා දෙවසරකින් පසු, 2008 දෙසැම්බර් මාසයේදී මාන්කුලම් නගරයෙන් උතුරේදීඒ 9 මාර්ගයේ පළමු කොටස අත්පත් කරගන්නා ලදී. දෙවන අදියරේදී 2008 නොවැම්බර් 11 දා ඔවුහු මාන්කුලම් නගරය අත්පත් කැර ගත්හ.

2008 දෙසැම්බර් 04 හා 05 යන දෙදිනේදී ll කාර්යසාධක බලකාය පුලියන්කුලම් හා කනකරායන් කුලම් නගර ග‍්‍රහණයට ගත්තේ බි‍්‍රගේඩියර් රෝහන බණ්ඩාරගේ මෙහෙයවීම යටතේය. 2009 ජනවාරි 01 හා 02 දා 58 හා 57 වැනි සේනාංක තිරුමුරුක්කන්ඩි හා අලිමංකඩ දකුණ අතර ප‍්‍රදේශ අල්ලා ගත් අතර 2009 ජනවාරි 09 වන විටඒ 9 මාර්ගය මුළුමණින්ම මුදාගෙන තිබිණ මුහාමලේ සිට පැමිණි 53 හා 55 සේනාංක අලිමංකඩ සම්පූර්ණයෙන් අල්ලාගත්හ. වසර 22 කින් පසු ඒ 9 මාර්ගය මුළුමනින්ම මුදාගැන්ම ආරක්‍ෂක හමුදාවන්ට මෙන්ම යාපනේ ජනතාවටද මහත් අස්වැසිල්ලක් විය.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා