ගුවන් හමුදාව

ගුවන් හමුදාව

ගුවන් ප‍්‍රහාරමගින් එල්. ටී. ටී. ඊය අස්ථාවර කරමින් හා විනාශකරමින් මෙන්ම ඔවුන් රැස්වන ස්ථාන, කඳවුරු හා ඔවුන්සතු හමුදාමය වත්කම් වනසමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියැළුනු භූමිකාවෙන් පාබල හමුදාවන්ගේ ජයග‍්‍රහණයන්ට ලැබුණු පිටිවහල මෙතෙකැයි කිව නොහැකිය. මේ සියල්ලටමත් වඩා පාබල හමුදාවන්ගේ ඉදිරි ගමනට සහාය වෙමින් උතුරේ හා නැගෙනහිර දරුණු සටන් ඇවිලගිය අවස්ථාවල තුවාලලත් හමුදා භටයින් වහා ඉවත්කිරීමෙන් තමන් හුදකලාවී නැති බව ඔවුනට ඒත්තුගැන්වීමෙන් හමුදාව දිරිමත් කිරීමේ භූමිකාවකද ඔවුහු නියැළුනහ. තුවාලලත්තවුන් යුද පිටියෙන් ඇපකැපවුණු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා නියමුවෝ සමහර අවස්ථාවල සිය හෙලිකොප්ටර් යානා ආරක්ෂක වලල්ලට ඉදිරියෙන් පවා ගොඩබානලද්දේ එල්. ටී. ටී. ඊ. තර්ජන පවා නොතකමිනි. මේ ඡායාරූපවලින් ගුවන් හමුදාව යුද පිටියේදී පාබල හමුදාවට සහාය ලබාදුන් අයුරු පිළිබිඹු වෙයි.

 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

 

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා