මන්නාරම

මන්නාරම

පසුව 58 වැනි සේනාංකය බවට පත් 1 වැනි කාර්ය සාධක සේනාංකය 2007 සැප්තැම්බර් මස අගදී මන්නාරමේ වවුනියාවෙන් සිය මෙහෙයුම් අරඹන ලදී. මන්නාරම් දිස්ති‍්‍රක්කයේ ඉතාමත් සරුසාර ප‍්‍රදේශය වන ‘ සහල් බඳුන ‘ ප‍්‍රදේශය මුදා ගැන්ම ඔවුන්ගේ මූලික කාර්ය විය.

අයහපත් කාලගුණය මැද ඉතා දුෂ්කර විවෘත භූමි හරහා යාමට ඔවුනට සිදුවිය. දෙසැම්බර් 22 දා උලියන්කුලමේ එල්. ටී. ටී. ඊ ආරක්‍ෂක පෙරමුණ ඇල්ලාගැන්මෙන් පසු 2008 ජුනි 29 දා වනවිට ආරක්‍ෂක හමුදා සහල් බදුන ප‍්‍රදේශය මුළුමනින්ම ග‍්‍රහණයට ගත්තේය.
 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා