විශ්ව මඩු

විශ්ව මඩු

කිලිනොච්චිය බිඳවැටීමෙන් පසු එල්. ටී. ටී. ඊය සිය පරිපාලන කි‍්‍රයාදාමය පරන්තන් – මුලතිවු මාර්ගයේ ධර්මපුරම් හා විශ්වමඩු වෙත ගෙනයන ලදී. කිලිනොච්චියෙන් ඉවත්කරන ලද සාමාන්‍ය ජනතාවද 58 හා 57 සේනාංක ෂසින් 2009 පෙබරවාරි මස විශ්වමඩු ප‍්‍රදේශය අල්ලාගන්නාතෙක්ම එහි ජීවත්වූහ. හමුදාව විශ්වමඩු අත්පත්කැරගැන්ම වලකාලීමට දැඩි පරිශ‍්‍රමයක් දැරූ එල්. ටී. ටී. ඊ ය කල්මදුකුලම් වැව් බැම්ම පුපුරුවාහරින ලද නමුදු එම තත්ත්වයට මුහුණදෙමින් හමුදාව දැක්වූ සියුම් ප‍්‍රතිචාරය හමුවේ එය ව්‍යර්ථ විය. ධර්මපුරම් හා විශ්වමඩු හි එල්. ටී. ටී. ඊ. තිප්පොලවල තිබී විශාල අවිතොගයක් සොයාගැනීමටද හමුදාව සමත්විය.
 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා