කිලිනොච්ච

කිලිනොච්චි

එල්.ටී. ටී. ඊ. යේ දේශපාලන හා පරිපාලනමය අගනුවර සේ සැලකුණු කිලිනොච්චිය බිඳවැටීම දශක දෙකහමාරක යුද ගැටුමේ දී ඔවුනට එල්ල වූ දරුණුම පහරකි. කිලිනොච්චිය එල්. ටී. ටී. ඊ. යේ පරාජය කළ නොහෙන බලකොටුවක් ලෙස සැලකුණු බැවින් එය බිඳවැටීම ආරක්ෂක බලකායන්ට සුවිශාල ජයග‍්‍රහණයක් විය.

බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා යටතේ වූ 58 වැනි සේනාංකය උතුරු දෙසින් නගරයට ඇතුලු වී එය ග‍්‍රහණයට ගැන්මේ මුල්පියවර තැබීය. කිලිනොච්චිය මේජර් ජෙනරාල් ජගත් ඩයස් යටතේ වූ 57 වැනි සේනාංකයේ මූලික ඉලක්කය විය. මේ අනුව මේ සේනාංක දෙකේ ඒකාබද්ධ ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස 2009 ජනවාරි 02 දා කිලිනොච්චි නගරයම අත්පත් කෙරිණ.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා