මාවිල් ආරු

 මාවිල් ආරු

ති‍්‍රකුණාමලයෙන් දකුණේ වූ 30,000 කට වැඩි ජනතාවකට ජල සැපයුම අහිමි කරමින් එල්. ටී. ටී. ඊ . ය මාවිල් ආරු ජල දොරටු වසා දැමූ අමානුෂික කි‍්‍රයාව සිදුකරන ලද්දේ 2006 ජුලි 21 දා ය. රජයට අනිසි ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරමින් මෙම අමානුෂික කි‍්‍රයාව සිදුකරන ලදී. මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය 2006 ජුලි 26 දා මාවිල් ආරු මුදාගැන්මේ මානුෂික මෙහෙයුම අරඹන ලදී.

ඒ සමග එල්. ටී. ටී. ඊ ය ද මුතුර් කට්ටපරච්චන් සෙල්වනගර් මහින්දපුර හා පහල තොප්පුර්හි හමුදා කණ්ඩායම්වලට පහරදීම අරඹන ලද අතර සාමාන්‍ය ජනතාවට එම ප‍්‍රදේශ අත්හැර යන්නට සිදුවිය. කෙසේ නමුත් 2006 අගෝස්තු 08 දා මාවිල් ආරු ජල දොරටු විවර කිරීමට හමුදාව සමත් විය. ඉන්පසු අගෝස්තු 15 දා වනවිට සමස්ත මාවිල් ආරු ජලාශයම අත්පත් කැරගැන්මට හැකිවිය. ඒ අනුව මුත්තුර් වැසියෝ යළි ගම්බිම් බලා පැමිණියහ.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා