ලක එක්සත් කළ නිරිඳ්‍ර

ලක එක්සත් කළ නිරිඳ්‍ර

රාජ්‍ය ආණ්ඩු සමයේ සිටි රජවරුන්ට බොහෝ විට යුද කරන්නට සිදු වූයේ සොලින් සමග පමණක් වූ අතර සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලෝකයේ බලවත්ම රටවල් සමග ද යුද කරන්නට සිදු විය. කොටි පරාජය කිරීමට රජය යුදමය වශයෙන් සටන් කරද්දී ඊටත් වඩා බලවේගවලට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවිය. ඉන් පළමුවැන්න ජාත්‍යන්තර බලපෑම්ය. දෙවැන්න කොටින්ගේ ප‍්‍රචාරක ජාලයන්ය,

වසර 2500 කට වැඩි අතීතයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාව අභීත වීරවරයන්ගෙන් සමන්විත නිර්භීත අදීන ජාතියකි. ක‍්‍රිස්තු පූර්ව 547 වන සියවසේ කුවේණි සමග මිතුරු වී යක්ෂ ගෝත‍්‍රිකයන් පරදවා ශ‍්‍රී ලංකාවේ රජ වූ විජය රජුගෙන් ආරම්භ වූ රාජ්‍ය සමය, දුටුගැමුණු රජු, පරාක‍්‍රමබාහු රජු, ධාතුසේන රජු , විජයබාහු රජු ආදී රජවරුන් සොලී ආක‍්‍රමණ හමුවේ නොසැලී සිටිමින්, ඔවුන් ශ‍්‍රී ලක් දෙරණින් නෙරපා දමා පිටරටවලට පවා ආක‍්‍රමණ එල්ල කළ අභීත ජාතියක් ලෙස ලෝකයේ පතළ විය.

මෙකී රජවරුන් අතරින් දුටුගැමුණු රාජ්‍ය සමය අති ශ්‍රේෂ්ඨ වන අතර පියාට පවා එරෙහි වෙමින් පරදේශීක සොලි ජාතීන් නෙරපා සිහල දිවයින ආක‍්‍රමණිකයන්ගෙන් බේරා ගැනීමට තම ජීවිතය පවා නොතකා හරිමින් සටන් වදින ලද දුටුගැමුණු රජු ස්වාධීන දේශයක වැදගත්කම ලෝකයට විදහා පෙන්නුවේය.

රාජ්‍ය ආණ්ඩු සමය අවසන් වී බටහිර අධිරාජ්‍යවාදී සමය උදා වීමෙන් පසු පරදේශීකයන් හමුවේ නොසැලී ඔවුන්ගේ මුදලට රන් රිදී වලට නතු නොවෙමින් දේශමාමකත්වයෙන් කටයුතු කළ මද්දුම බණ්ඩාර , වීර පුරන් අප්පු, මොනරවිල කැප්පිටිපොළ , ගොන්ගාලේ ගොඩබණ්ඩා වැනි විරුවන් පමණක් නොව වාරියපොළ ශ‍්‍රී සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි, ආදී ආගමික නායකයන් පවා තමා උපන් දේශය විදේශිකයන්ට නතු නොකිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළහ.

මෙවන් අභීත මුතුන් මිත්තන් ගේ පරපුරකින් පැවත එන සිංහලයා කිසිම විටෙක තවත් ජාතියකට නතු නොවීමට තරම් නිර්භීත ජාතියක් විය. වසර 30 ක සිට ශ‍්‍රී ලංකාවේ ආගමික , දේශපාලනික , ආර්ථික , සමාජියීය ආදි සියලුම අංශ වෙත සෘජුවම බලපාන ලද ලෝකයේ සිටින දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානයන් වූ අල්කයිඩා සංවිධානය , හිස්බුල්ලා සංවිධානය ආදී සංවිධාන මෙන් කරට කර නැගී සිටි එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදීන් දීර්ඝ කාලයක් ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය අඩාල කරමින් ,, සිරුර පුරා පැතිරෙන පිළිකාවක් සේ තව තවත් පැතිරී යන ලද අතර ලෝකයේ ජන නායකයන් විශාල සංඛ්‍යාවක් විවිධ අවස්ථාවල එල්. ටී.ටී. ඊ ත‍්‍රස්තවාදීන් සාම මාවතකට ගැනීමට උත්සාහ කළද උපායශීලිව කටයුතු කළ ත‍්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් හෙවත් වැල්ලවැටිතුරේ තම්බි සාම කතා මුවාවෙන් හෙට පිපෙන්නට වැර දරන මල් කැකුළු වන් පොඩි දරුවන් මවුපියන්ගෙන් උදුරාගෙන ගොස් තම සේනාවට බඳවා ගෙන ආයුධ සන්නද්ධ විය.

එවකට සිටි රාජ්‍ය නායකයෝ මෙම උපාය මාර්ගය නොදැන සිටි අතර විදෙස් නායකන්ගේ මාර්ගෝපදේශකත්වය ලබමින් , අතහිත ලබමින් මුළාවකට හසු වී ත‍්‍රස්තවාදීන්ගේ ම බෝම්බ වලට හසු වී මෙලොවින් සමු ගත්හ.

මෙවන් යුගයක දේශයේ පිනින් ලක්දිවට පහළ වූ සේනාධිනායක මහින්ද රාජපක්ෂ නරපතියා හයවන පරාක‍්‍රමබාහු රජුගෙන් පසු ලංකාව එක් සේසත් කළ පළමු රජු ලෙස කිසිම බලවේගයක් හමුවේ නොසැලි සිටිමින් එකම අරමුණකින් අධිෂ්ඨානයකින් කටයුතු කරමින් ඒ අනුව තම සේනාව ද මෙහෙයවමින් ඉතා නිර්භයව තමා හමුවේ වූ එල්. ටී. ටී. ඊ නම් ත‍්‍රස්තවාදී අභියෝගය සාර්ථකව ජය ගැනීමට බුදුන් උපන් මාසයේ දී ම සමත් විය. කුරිරු ත‍්‍රස්තවාදී එල්. ටී.ටී. ඊ සංවිධානය බිහිවුයේ ද මැයි මාසයේ දීය.

2005 දී ජනාධිපතිවරණයෙන් බලයට පත්වන්නට පෙර මෙතුමා ‘’නිදහසේ ජීවත්වන්නට පුළුවන් රටක් ගොඩනගන්න ඔබත් අප හා එක්වන්නැයි’’ ලෙස ප‍්‍රකාශ කළ අතර සිය ධුරයට පත්ව ප‍්‍රකාශ කෙළේ තමා මේ රටේ අයිතිකරුවා නොව , භාරකරුවා බවයි. (මහින්ද චින්තනය) භාරකරුවා ලෙස රට අරක්ෂා කර අනාගතයට භාරදීමේ වගකීම එතුමන් නිසි ලෙස ඉටු කර හමාරය.

උතුරු නැඟෙනහිර අර්බුදයට ස්ථිරසාර විසඳුමක් දීමේ අපේක්ෂාවෙන් නොබෙදුණ රටක් තුළ බහුතර සම්මුතියකින් ගෞරව සම්පන්න සාමයක් උදා කිරීම අරමුණු කොටගෙන බලයට පත් වූ මොහොතේ පටන් සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් යුක්තව කැපවීමෙන් කටයුතු කිරීම එතුමාගේ වැඩපිළිවෙළ ලෙස සඳහන් කළ හැකිය.

සතුරන් පරාජය කිරීමේ න්‍යාය ධර්මයට ඇතුළත් කාරණා හතර වන්නේ D4 සංකල්පයයි. මෙය ලෝකයේ ඕනෑම යුද්ධයක් සඳහා මොනම අයුරකින්වත් වෙනස් නොවන සංකල්පයක් බව යුද විද්වතුන් සඳහන් කර ඇත.

Deter (අධෙර්යවත් කිරීම)

Delays (ප‍්‍රමාද කිරීම)

Detect (අණාවරණය කර ගැනීම)

Detain (Destroy) (රඳවා ගැනීම හෝ විනාශ කිරීම)

මෙම සංකල්පය ඉහත සඳහන් කරුණු තුනකින්ම වසර 30 ක කාලයක් මුළුල්ලේ සම්පුර්ණයෙන් ප‍්‍රයෝජන ගනු ලැබුවේ එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදීන්ය. මෙම වචන තුනේ ගැබ් වී ඇති අරුත පවා කිසිම නායකයකු දැන සිටියේ නැත.

වර්තමාන ජනාධිපතිතුමා මෙම කාරණා තුනම ඉතා හොදින් අධ්‍යයනය කොට සතුරා අධෙර්වත් කිරීමත් ප‍්‍රමාද කිරීමේ සංකල්පය තුළින් අවශ්‍ය යුදමය සහ ජාත්‍යන්තර බලවේගයන් පරාජය කිරීමත් රටට වින කරන ලද තර්ජන සියල්ලම සොයා ගැනීමෙන් පසු සතර වන කාරණාව වන සතුරන් විනාශ කිරීමත් සාර්ථකව සිදු කරන ලදී.

සතුරා වුයේ එල්. ටී. ටී.ඊ ත‍්‍රස්තවාදීයා පමණක් නොවේ ජාත්‍යන්තර බලවේග සතුරු ගණයෙහිලා සුවිශේෂ ස්ථානයක් මෙම යුද්ධයේ ප‍්‍රධාන ස්ථානයක් ලෙස සනිටුහන් විය.

රාජ්‍ය ආණ්ඩු සමයේ සිටි රජවරුන්ට බොහෝ විට යුද කරන්නට සිදු වූයේ සොලින් සමග පමණක් වූ අතර සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලෝකයේ බලවත්ම රටවල් සමග ද යුද කරන්නට සිදු විය. කොටි පරාජය කිරීමට රජය යුදමය වශයෙන් සටන් කරද්දී ඊටත් වඩා බලවේගවලට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවිය. ඉන් පළමුවැන්න ජාත්‍යන්තර බලපෑම්ය.

දෙවැන්න කොටින්ගේ ප‍්‍රචාරක ජාලයන්ය, ලෝකයේ අතිශයින්ම කාර්මිකරණය වූ බලවත්ම සංවර්ධිත රටවල් වූ අමෙරිකාව , මහා බි‍්‍රතාන්‍ය , රුසියාව , නෝර්වේ , ස්වීඩන්. ආදී රටවල් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැංකීමුන් මහතා පවා මෙම ප‍්‍රභාකරන් නම් රුදුරු ත‍්‍රස්තවාදීයාට බියෙන් හෝ ඔහුට පක්ෂපාතිව හෝ ඔහු සමග යුද කර ජය ගත නොහැකි යැයි පැවසු අතර ඔහු සමග යුද කරන්නේ නම් ඔවුන් කිසිම දෙයක් නොදෙන බව පැසූව ද එම ප‍්‍රකාශයන් නොතකාලමින් මහින්ද රාජපක්ෂ රජු නොබියව ප‍්‍රකාශ කලේ මම කොටි ත‍්‍රස්තවාදය රටින් අතුගා දැමීමේ සටන ඇරඹුවේ එක් පෝරකයක නොව පෝරක සියයක වුණත් නගින්න සුදානමින් බවයි.

එවැනි බලවේග ද බිඳ දමමින් එල්. ටී. ටී.ඊ ත‍්‍රස්තවාදීන් බේරා ගැනීම සඳහා නොයෙකුත් ආකාරයෙන් නැගී ආ ජාත්‍යන්තර රාජ්‍යයන් සහ රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන පවා පරාජය කළ ලෝකයේ එකම සේනාධිනායක රජු වන්නේ අප අතිගරු ජනාධිපති උතුමාණන් වන මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණි.

පොලිස් නිල මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්