නිල් දියඹේ සෙන්පතියෝ

නිල් දියඹේ සෙන්පතියෝ

වන්නි හා උතුරු මානුෂීක මෙහෙයුම අදියරෙන් අදියර ඉදිරියට ගමන් කරමින් ජයග‍්‍රහණයේ ඉම වෙත පිය නගන විට කොටි නායකයා ඇතුළු මහ කොටි යුද බිමේ සැඟව ඇතැයි හෙළිවිය.

මේ පිරිස මුහුදු මාර්ගයෙන් පැන යා හැකි බවට විවිධ මාර්ගයෙන් ප‍්‍රචලිත වූවේ නාවිකයන් පිළිබඳ අවතක් සේරුවෙන් මෙනි. එහෙත් ශ‍්‍රී ලංකා දරණිතලය වටා රන් වැටක් ලෙස පැය 24 පුරා රැකවල් ලා සිටින ශ‍්‍රී ලංකා නාවික හමුදාව සිය මෙහෙවර කදිමට ඉටු කෙළේය.

දෑසට ඉලක්ක නොවුණු මේ නිහඬ සේවාව මගින් මුහුදු කොටි මඩිමින් ප‍්‍රවාහන කටයුතු සියල්ල අකර්මන්‍ය කළේය.

මේ වෙනුවෙන් මුහුදේ වළලු හතරක් සේ ආරක්ෂක වැටක් යොදවන්නට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විශේෂ වැඩපිළිවෙළක් යෙදවීය.

රට රකිමින් ත‍්‍රස්තයන් මුලිනුපුටා දැමීමේ කටයුත්තේ දී හදිසි අවස්ථාවක කොටි යාත‍්‍රාවලට පැන මරාගෙන මැරෙන්නට සුදානම් වූ නාවිකයෝ ද වූහ.

රට වටා බැදි වළලුවලින්

පළමු බළගණය වූයේ විශේෂ යාත‍්‍රා බළගණය (එස්. බී. එස්)

ඊළඟට ක්ෂණික විහිදුම් බලගනය (ආර්. ඒ. බී. එස්)

තෙවන කණ්ඩායම වේග ප‍්‍රහාරක යාත‍්‍රා (ඩෝරා බළගණය එෆ්. ඒ. සී ) ය.

සිව්වන බළගණය වූයේ ගැඹුරු මුහුදේ මුර සංචාරක යාත‍්‍රා බළගණයයි. (සී. ඕ. පී. පී)

මේ ආරක්ෂක වළල්ලේ වෙරළාසන්නව විශේෂ යාත‍්‍රා බළගණය රැකවල් ලා සිටි අතර එහි මෙරට නිෂ්පාදිත අධිවේගී ප‍්‍රහාරක යාත‍්‍රා යොදවන ලදී.

අඩි 16, 18 හා 23 ඇරෝ යාත‍්‍රා මේ සඳහා යොදවා තිබිණි.

ගොඩබිමට පැන රහසේ එල්ල කරන ප‍්‍රහාර හා වෙරළාසන්නයේ ප‍්‍රහාර වෙනත් යාත‍්‍රාවලට ළංවිය නොහැකි ස්ථානවලට පහරදීම මරාගෙන මැරෙන කොටි යාත‍්‍රාවලට පහරදීම මේ යාත‍්‍රා වලින් ඉටු කෙරුණු කාර්යයන් අතර වැදගත් විය.

ක්ෂණිකව ඉලක්කය වෙත හඹා යාම වේගවත් බව හා යාත‍්‍රා හැසිරවීමේ හැකියාව , මනා පුහුණුව ඇති නැවියන් හා අධික වෙඩි බලය එකවර වැඩි පිරිසක් යෙදවීමට හැකි වීම මේ බලගනයේ මූලික වැදගත්කම් වේ.

ඊට මඳක් ගැඹුරු මුහුදේ යොදවා තිබුණේ. වෙරළ ආරක්ෂක යාත‍්‍රාය. ක්ෂණික විහිදුම් බළකායය.

මෙමගින් නිරීක්ෂණය කටයුතු සිදු කරයි. අධි තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් කොටි කි‍්‍රයා නිරීක්ෂණය කැර විශේෂ යාත‍්‍රා බලගනයට තොරතුරු ලබා දීම සිදු කරයි. ඇරෝ යාත‍්‍රාව නියමු මධ්‍යස්ථානය ලෙස මෙම බලගනය කි‍්‍රයාත්මක වූ අතර නියමිත ඉලක්කය වෙත විශේෂ යාත‍්‍රා බලගනය මෙහෙයවන්නේ වෙරළ ආරක්ෂක යාත‍්‍රා මගිනි.

ඊළඟ ආරක්ෂක වළල්ල ලෙස ක‍්‍රියාත්මක වන්නේ වේග ප‍්‍රහාරක මුර යාත‍්‍රා සහිත බලගනයි. ඩෝරා සහිත මේ කණ්ඩායම අධි තාක්ෂණික උපකරණ සමඟ ගැඹුරු මුහුදේ සතුරු යාත‍්‍රා විනාශ කිරීමේ කටයුත්ත සිදු කළහ. මේ සඳහා කුඩා යාත‍්‍රා (ඇරෝ) ද එක් වූ අවස්ථා තිබිණි. ගැඹූරු මුහුදේදී කොටින්ගේ මරාගෙන මැරෙන යාත‍්‍රා වලට ළංවී පහර දීම කොටි යාත‍්‍රා අත්අඩංගුවට ගැනීමේ දී ඊට ළංවී කි‍්‍රයාත්මක වීම ඇතුළු කි‍්‍රයාවලට කුඩා යාත‍්‍රා ඩෝරාවලට සහය විය.

ගැඹුරු මුහුදේ මුර හා ප‍්‍රහාර කටයුතු සිදු කෙරුණේ විශාල ප‍්‍රහාරක යාත‍්‍රා මිගිනි. සබ්මැරීන් , පිටතින් පැමිණෙන සතුරු යාත‍්‍රාවල පහර දීම වැනි කටයුතු පැවරී තිබුණේ මේ බළගණයටය. සයුර, සාගර, සමුදුර, සුරනිමල, නන්දිමිත‍්‍ර හා ජය සාගර වැනි ප‍්‍රහාරක යාත‍්‍රා මේ බලගනය සතුවන අතර ඒ වායෙහි නිරීක්ෂණ කටයුතු සඳහා අධි තාක්ෂණික උපකරණ මෙන්ම අධික වෙඩි බලයෙන් යුතු ප‍්‍රහාරක අවි සවිකර තිබිණි.

මේ ආරක්ෂක වළලු මගින් ශ‍්‍රී ලංකා මුහුදු තීරය වටා දිවා රාතී‍්‍ර දෙකෙහි රැකවල් ලා සිටි අතර නැඟෙනහිර , වයඹ හා උතුරු මුහුදු සීමාව වටා මේ වළලු සහිත ආරක්ෂක මුරවැට මානු‍්‍රෂික මෙහෙයුම පැවැති කාල සීමාවේ දී ඉතා අවදානම් සහිත අසීරු කාර්යයක නිරතව සිටියහ.

2007 වසරේ පෙබරවාරි 28 දා දිගින් මීටර් 75 ක් පමණ වූ ‘කියොයි’ නමැති කොටි අවි ගබඩාව සහිත විශාල යාත‍්‍රාව දෙවුන්දර සිට නාවික සැතපුම් 185 ක් දකුණු දිග මුහුදේදී විනාශ කළේ මේ ගැඹුරු මුහුදේ ප‍්‍රහාරක යාත‍්‍රා මගින් හඹා යාමෙනි.

ඉන්පසු 2007 මාර්තු 18 ආරුගම් බොක්කේ සිට නාවික සැතපුම් 195 ක් නැඟෙනහිර මුහුදු ප‍්‍රදේශයේ දී දිගින් මීටර් 70 ක් පමණ වූ අවි නැව, එම 18 දා ඒ ප‍්‍රදේශයේ දීම දිගින් මීටර් 50 ක් පමණ වූ අවි නැව, එම වසරේ සැප්තැම්බර් 10 දා මීටර් 45ත් 75 ත් අතර දිගින් යුත් ‘’මන්යෝෂි’’ නම් කොටි නැව දෙවුන්දර සිට නාවික සැතපුම් 600 ක් දකුණු දිග මුහුදේදි විනාශ කරනු ලැබීය. එම දින හා 11දා ‘කොයෝෂි’ ඛ්ා ‘ෂෙෂින්’ කොටි අවි නැව් දෙකද එම මුහුදු ප‍්‍රදේශයේදීම පහර දී විනාශ කෙරිණි. එම ඔක්තෝබර් 07 දා ‘මට්සුෂිමා’ අවි නැව දෙවුන්දර සිට නාවික සැතපුම් 850 ක් ගිනිකොණ දිග මුහුදේ දී විනාශ කෙරිණි. මේ අයුරින් ගුවන් යානා නාශක උණ්ඩ , කාලතුවක්කු , මෝටාර් උණ්ඩ ඇතුළු උණ්ඩ හා අවි ආයුධ සහිත විශාල කොටි නෞකා 10ක් නාවිකයන් විසින් විනාශ කරන ලදී.

මේ හේතුවෙන් කොටින්ගේ ප‍්‍රහාරක බලය බිඳ වැටිණි. ගොඩබිම සටනේ යෙදෙන්නන්ට ප‍්‍රති ප‍්‍රහාර දීමේදී කොටි ත‍්‍රස්තවාදීන්ට යුද උපකරණ අවම වීමට මෙය පිටුවහලක් විය.

එම වසරේදී පමණක් කොටි යාත‍්‍රා 38 ක් නාවිකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මීට අමතරව ත‍්‍රස්තවාදීන් පිළිබඳ බුද්ධි තොරතුරු රැස්කිරීම ද නාවිකයන් විසින් සිදු කෙරිණි.. ගොඩබිමේ ආරක්ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින්නන් වෙත මුහුදු ප‍්‍රදේශවලින් පහර දීම සඳහා පැමිණෙන ත‍්‍රස්තවාදීන්ට පහර දී විනාශ කිරීම ද නාවිකයන් අතින් සිදුවු වැදගත් කටයුත්තකි.

2006 අගෝස්තු 01 දා මුතූර් වෙත කොටින් එල්ල කළ ප‍්‍රහාරය යුද ඉතිහාසයේ දී පළමු වරට කොටින් 450 කට වැඩි සංඛ්‍යාවක් එක තැන ඝාතනය වූ පළමු අවස්ථාව විය.

මුලින්ම මුතූර් වෙත එදින අලුයම වටකර පහර දුන් කොටි එම ප‍්‍රදේශය වටකරමින් නගරය පුරා ස්ථානගත වූහ.

මේ ප‍්‍රදේශයේ කොටුව සිටි කණ්ඩායම මුදා ගැනීමේ ප‍්‍රථම මෙහෙයුම ඇරඹෙන්නේ නාවික විශේෂ යාත‍්‍රා බලගනය මගිනි සෑම ස්ථානයකම ස්ථානගතව පහර දුන් ත‍්‍රස්තවාදීන් අතරට මුහුදේ සිට රහසේ ඇතුල් වූ මේ බළගණයේ විරුවෝ 16 ක් මුලින්ම මුතූර් ජැටිය ප‍්‍රදේශය අල්ලා ගත්හ. මේ අනුව අලුයම සිට සවස්වන තුරුම සිය කණ්ඩායම මුදා ගනිමින් මුතූර් ජැටියේ ආරක්ෂාව ස්ථාපිත කිරීමට මේ පිරිස සමත් වූහ. එය අත්පත් කර නොගන්නට මුතූර් අල්ලා ගන්නා කොටි නැෙඟනහිරම ඔවුන්ගේ අණසක යටතට පත්කර ගන්නට ඉඩ තිබුණි.

එදින සවස යුද හමුදා භට පිරිස් එම ස්ථානයට පැමිණෙන තුරුම ඔවුන්ට එම ස්ථානයට ඒමට ඉඩ හා ආරක්ෂාව සපයමින් විශේෂ යාත‍්‍රා බලගනය සිය දිවි දෙවැනි කොට මුතූර් ජැටියේ ආරක්ෂාව ස්ථාපිත කළහ.

මේ අයුරින් නාවිකයෝ මුහුදේදී මෙන්ම ගොඩ බිම දීද සිය දක්ෂතාව මනාව ඔප්පු කළහ. වන්නි හා උතුර මුදා ගැනීමේ අවසන් මෙහෙයුමේ දි පුදුමාතලන් වෙල්ලමුල්ලවයික්කාල් ආසන්න මුහුදු තීරයේ ආරක්ෂක වළලු යොදමින් කි‍්‍රයාත්මක වූ නැවියෝ ප‍්‍රභා මුහුදෙන් පැන යන්නට එනතුරු බලා සිටියහ. එහෙත් නාවික රැකවල් මත පැන යාමට නොහැකි බව ඔහු අවසන් වරට තේරුම් ගන්නට ඇත්තේ මුහුදු කොටි නායක සුසෙයි ගේ කණ්ඩායම නාවිකයන් අතට පත්වීමෙන් පසුවය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්