ආනන්ද මේ රෑ හරී අගෙ යි

ආනන්ද මේ රෑ හරී අගෙ යි

ආනන්ද විද්‍යාලය, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බෞද්ධ විදුහල වූවා පමණක් නොව, ඈත අතීතයේ පටන්ම ජාතික සටන්වලදී පෙරමුණ ගත් විද්‍යාස්ථානයකි. වසර 100කට වඩා දිගු සාඩම්බර ඉතිහාසයක් ඇති මෙම විදුහල, නිකම්ම විද්‍යාස්ථානයක් නොවූ අතර එය මෙරට ජාතික ස්මාරකයක් විය. රටට, දැයට, ජාතියට, වැඩැති, අධ්‍යාත්මික ගුණවගාවෙන් පිරිපුන් නිෂ්පාදන ශක්තීන්ගෙන් හෙබි, විනය ගරුක පුරවැසියන් තැනූ, එමෙන්ම, අදත්, හෙටත්, මතුවටත් තනන, තෝතැන්නක් ලෙස, ආනන්ද විද්‍යාලය අපට හැඳින්විය හැකිය.

වීර පුතුන් බිහිකිරීම ආනන්දයේ සම්ප‍්‍රදායකි. දශක තුනකට තරමක් එහා දිවෙන කුරිරු ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් මානුෂික මෙහෙයුමේ ප‍්‍රධානතම භූමිකාවක් රඟපාන ලද්දේ ද ආනන්දයේ වීර පුතුන් ය. වීරෝදාර සටනේ ප‍්‍රධාන අභීත නියමුවන් වූයේ, ආනන්ද භූමියේ දී පාසල් ශිෂ්‍යයන් ලෙස ශිෂ්‍යභට ඛණ්ඩවල පුහුණුව ලැබුවන් ය. මේ කණ්ඩායමට මාර්ග උපදේශකයා වූයේ ද ආනන්දියෙකි.

එකම ශී‍්‍ර ලාංකික ධජයක් යටතේ, ඒකීය රාජ්‍යයක් ගොඩනගන්නට මේ රටේ වීරෝදාර ආරක්ෂක හමුදා, ඇස්, ඉස්, මස් හා ලෙයින් පමණක් නොව, ජීවිත පවා පරිත්‍යාග කළහ.

මෙම මානුෂික මෙහෙයුමට ප‍්‍රධාන වශයෙන් දායකවූවන් ලෙස දීප්තිමත් විශිෂ්ට ආනන්ද පුතුන්වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් සරත් වීරසේකර, සටන් බිමේ සිට ආරක්ෂක හමුදාවන්ට උපදෙස් ලබා දුන්හ.

එය, ඉටු කරන්නට යුද බිමේ සිට එම උපදෙස් ලබාගෙන, ඒවා කි‍්‍රයාත්මක කොට, මෙරට කොටි ත‍්‍රස්තවාදයෙන් මුදාගන්නට සටන් පෙරමුණේ සුවිශේෂී දස්කම් දැක්වූයේ ද එම සේනාවල සේනාධිනායකයන් වූයේ ද ආනන්ද පුතුන් වීම විශේෂත්වයකි.

මොවුන් නම් 57 වන සේනාංක අධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස්, 53 වැනි සේනාවට අණදෙන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, 55 වන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් චාගි ගාල්ලගේ, 59 වන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා යන වීරෝදාර රණවිරුවන් ය. දිවා රෑ නොබලා අති දුෂ්කර හා ප‍්‍රබල අභියෝග මධ්‍යයේ මෙම වීරෝදාර ආනන්ද පුතුන් සමඟ දස දහස් ගණනක්වූ අපගේ ශී‍්‍ර ලාංකික පුතුන් ද සටන් වැදුණි. . මොවුන් සැමවිටම, ඔවුන්ගේ නිලතලවල අභිමානය ගැන නොතකා “තමාට පෙර රට” ඉදිරියෙන් තබාගෙන සටන් කොට, පාපතර, නීච, දුෂ්ට කොටින් සමුලඝාතනය කළහ. ඒ මගින්, රටටම නවෝදයක් උදාකර දෙනු ලැබිණි.

මෙකී මානුෂික මෙහෙයුම මගින් ලක්ෂ තුනකට ආසන්න අහිංසක දෙමළ ජනතාවක් මුදා ගැනිණි. පොදුවේ සියලුම රණවිරුවන්ට අපි උපහාර දක්වමු.

නාලන්දාවේ ආදි ශිෂ්‍යයෙකු සහ ආචාර්යවරයෙකු ලෙස දිගු කලක් සේවය කළ මම, ආනන්දයේ මේ විශිෂ්ට වීරෝදාර රණවිරුවන් ලබාගත් විජයග‍්‍රහණ ගැන මගේ ගෞරවාදර උපහාරය මෙසේ පුද කරමි. එමෙන්ම, මෙවන් ජයග‍්‍රහණයක් ලබාගන්නට, මොවුන් සැමට මඟ හෙළි පෙහෙළි කළ, ආනන්දයේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ද මේ අවස්ථාවේ දී සිහිපත් කිරීම පිණිස මෙම සටහන තබමි.

එයට හේතුව මේ වීරෝදාර රණවිරුවන්ට පාසලේ දී ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුව ලබාදීමට අනුග‍්‍රහය ලබාදීමටත්, ශී‍්‍ර ලංකා ආරක්ෂ සේනාවලට බැදීමට ඔවුනට දොරගුළු විවෘත කිරීමත් නිසාය.

මෙයට වසර 40 කට 50 කට පමණ පෙර ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදාවලට බැදීමට, විශේෂයෙන්ම, මාණ්ඩලික හෝ උසස් තනතුරුවලට බැදීමට ආනන්ද, ධර්මපාල, ධර්මරාජ, මහින්ද, ධර්මාශෝක, මලියදේව, රාහුල, වැනි විදුහල්වල සිසුන්ට අවස්ථාව ලැබුනේ ඉතා කලාතුරකින් ය. එය, කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් වැන්න.

1950 ගණන්වලදී හිටපු ආනන්ද විදුහල්පති එල්. එච්. මෙත්තානන්ද මැතිතුමා, බෞද්ධ ජාතික බලවේගයේ නියමුවා ලෙස, බෞද්ධ සිසුන්ට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව සටනක් ආරම්භ කළේය. එම සත් කාර්යය නොවන්නට ගෝඨාභයලාට, සරත්ලාට, වසන්තලාට, කමල්ලා ට, චාගීලා ට, ප‍්‍රසන්නලාට ආරක්ෂක සේවාවලට එක්වීම සිහිනයක් වන්නට වුවද ඉඩ තිබුණි. එම නිසා මෙකී ස්වර්ණමය නිදහස අපට ලබාදෙන්නට, මෙම වීරෝදාර රණවිරුවන් බිහිකිරීමේ මුල් වස්තු බීජය වැපුරුවේ එල්. එච්. මෙත්තානන්ද නම් ජාතික වීරයා ය.

මෙත්තානන්ද කී රහස

වර්ෂ 1960 ගණන්වල මුල්භාගයේ දී මම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතරතුර දී දිනමිණ, ඩේලි නිවුස් පත්තරවල වැඩ කෙරුවෙමි. දිනක් දිනමිණ කර්තෘ එච්. ඒ. ඩී. සිල්වාට කතාකොට, කිරුලපන මහජන කී‍්‍රඩාපිටියේ සවස්වරුවේ පැවැත්වෙන බෞද්ධ ජාතික බලවේගයේ රැස්වීමක් වාර්තා කරන ලෙස ඉල්ලා සිටියේ ය. මම අදාල රැස්වීම් භූමියට ගියෙමි. මුළු කී‍්‍රඩාපිටියම අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගොස්ය.

ගී‍්‍රක පිළිමයක් මෙන් උත්තුංග දේහධාරී ඔදවත් තෙදවත් ප‍්‍රතාපවත් මෙත්තානන්ද මැතිතුමා, මුලසුනේ දෙසුම අවසන් කළ පසුව, මම එතුමා හමුවූයෙමි. එතුමාට, මම වැන්දෙමි.

“සර් මං නාලන්දාවේ ආදි ශිෂ්‍යයෙක්. රැස්වීම ලේක්හවුසියට මායි වාර්තා කරන්නේ.”

“ඈපාසිංහ මට හරි සන්තෝෂයි මේ රැස්වීම ඔබ වාර්තා කරන එක. මං ඔබට පුංචි රහස් කතාවක් කියන්නම්. විජාතික බලවේගයන්ට යටවුණු අපේ බෞද්ධ දරුවන්ට, මේ රටේ ආරක්ෂක අංශවලට බැදීමේ වරම් නැත්තටම නැති තරම්. අපේ මේ සටනේ එක් අරමුණක් තමා අපගේ දක්ෂ බෞද්ධ දරුවන්ටත්, උසස් තනතුරුවලට යන්න අවස්ථාව සලසාදීම. දිනක්, එක්තරා ප‍්‍රසිද්ධ කතෝලික පාසලක පූජක විදුහල්පතිතුමෙක්, මට කී කතාවක්මං කියන්නම්. මෙත්තානන්ද මහත්තය, ඔබලාගේ බෞද්ධ පාසල්වලින් ආරක්ෂක අංශවලට සෙබළුන් සපයන්න. මං, අණදෙන්නට මාණ්ඩලික නිලධාරීන් ලබාදෙන්නම්.

මෙහි විශාල සත්‍ය අරුතක් ගැබ්වී තිබිණ. එදා යුද, ගුවන්, නාවික, පොලිසිය ආදියේ තත්ත්වය එය විය. මෙයට කදිම නිදසුනක් 1962 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එරෙහිව ආරම්භ කරන ලද රාජ්‍ය විරෝධි කුමන්ත‍්‍රණයේ සැකකරුවන් 29 දෙනාම මේ රටේ සුපිරි පාසල් යැයි කියාගන්නා පාසල්වල ආදි සිසුන්වීම, මෙත්තානන්ද මහතාගේ කතාව අපූරුවට සනාථ කරන ලද අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.

අප අතිගරු ජනාධිපතිතුමා නොබෝදා පැවසූ පරිදි, මේ රටේ සිටින්නේ “රටට ආදරය කරන” හා “ආදරය නොකරන” වශයෙන් කොටස් දෙකක් පමණි. අද මෙන්ම, එදා ද රටට ආදරය නොකරන පිරිස් සිටියහ. 1962 රාජ්‍ය විරෝධි කුමන්ත‍්‍රණ ආරම්භ කළේ එම රටට ආදරය නොකරන පිරිස ලෙස හැඳින්වීම යුක්ති යුක්තය.

1948 වර්ෂයේ දී බලයට පත්වුණ එක්සත් ජාතික පක්ෂ රජය, ඉංගී‍්‍රසි සම්ප‍්‍රදාය අගයන, විජාතිකයන්ගේ සිතුම් පැතුම් අගයන සමාජයක් හා සංස්කෘතියක් ගොඩනගන්නට අතහිත දුන්නේය. මේ හේතුව නිසා, ඉංගී‍්‍රසි පාසල් ලෙස සලකන ලද පාසල්වලට විශේෂ වරප‍්‍රසාද ද හිමිවී තිබුණි. කෙසේ වුවද, 1956 දී ශ්‍රේෂ්ඨ නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත්වීමත් සමගම, පොදුජන යුගය උදාවිය. ඉන් පසුව 1960 ගණන්වලදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වීමත් සමඟ, ආරක්‍ෂක සේවාවලට බෞද්ධ පාසල්වල සෑහෙන සිසුන් පිරිසකට නිලධාරීන් ලෙස බැඳෙන්නට අවකාශ ලැබුණි.

මෙහිලා එස්. කියු. ඩයස් වැනි ආරක්ෂක ලේකම්වරුන්ගෙන් සිදුවූයේ අනුපමේය සේවාවකි.

බි‍්‍රතාන්‍ය ඉංගී‍්‍රසි පාසල් සම්ප‍්‍රදාය

ශී‍්‍ර ලංකාවේ එදා දක්නට ලැබුනු රාජකීය, සාන්ත තෝමස්, රිච්මන්ඩ්, සාන්ත සෙබස්තියන් විදුහල් අනුගමනය කෙළේ, ඉංගී‍්‍රසි සම්පාදායේ ප‍්‍රධාන පාසල් වන ගර්‍ථභඡතඪජ ඉජඩධධතඝ ඊටන් – හැරෝගඡ්බධද – ඩ්චපපධඹඝ වැනි එංගලන්තයේ ප‍්‍රධාන පාසල්වල සම්ප‍්‍රදායන් ය.

මෙම පාසල්වල උගන්වන ලද ලතින්, ඉංගී‍්‍රසි ද, විෂය බාහිර කි‍්‍රයාකාරකම් ලෙස කි‍්‍රකට් හා “රණකෙළි” ද බෞද්ධ පාසල්වලට 1900 මුල්භාගයේ දී ඇතුලත් කරන ලදී. මෙහිලා විශාල කාර්යභාරයක් 1920 ගණන්වල ආනන්ද විදුහල්පති පී. ද එස්. කුලරත්න මැතිතුමා ඉටු කෙළේ ය. ආනන්ද – නාලන්ද – ධර්මරාජ – ධර්මපාල – මහින්ද – මලියදේව - ධර්මාශෝක – රාහුල - කෝට්ටේ ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය වැනි ප‍්‍රධාන බෞද්ධ පාසල්වල සිසුන්ට ශිෂ්‍ය භට පුහුණුවීම් යටතේ යුද්ධ හමුදා පුහුණුවක් ලබාදෙන්න ට අවසර ලබා දුන්නේ ය.

ශී‍්‍ර ලංකාවේ ශිෂ්‍ය භට ඛණ්ඩ ප‍්‍රථම වරට ආරම්භ වූයේ රාජකීය විදුහලෙනි. 1920 ගණන්වල සිට ආනන්ද විදුහලේ ශිෂ්‍ය භට කණ්ඩායම් දක්නට ලැබුණු අතර, වසරේ දක්‍ෂතම ශිෂ්‍ය භට ඛණ්ඩය සඳහා පිරිනමන හර්මන් ලූස් කුසලාන මේ වනවිට වැඩිම වාර ගණනක් දිනාගෙන ඇත්තේ ද ආනන්ද මහා විදුහලයි. මගේ මතකය නිවැරදි නම් 17 වතාවක් ආනන්දය මෙම අනගි කුසලාන දිනාගෙන ඇත. මේජර් බී. කේ. කේ. ඩී. විජේසිංහ මහතා යටතේ ආනන්දය හර්මන් ලුස් කුසලාන 7 වතාවක් දිනාගත් අතර, මින් 3 වතාවක්ම පිළිවෙලින්ම ජයග‍්‍රහණ අත්කරගෙන තිබේ.

ආනන්ද මහා විදුහලේ විදුහල්පතිවරුන් වන කර්නල් ඊ. ඒ. පේරුසිංහ සහ කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්‍ෂ, කර්නල් කුඩලිගම යන මහත්වරුන් ද ආනන්දයේ ශිෂ්‍ය භට කණ්ඩායම්වල තත්ත්වය නංවාලීම සඳහා අනුපමේය සේවයක් ඉටු කෙළේ ය. එම සියළුම ගුරු පියවරුනට මම ආචාර කරමි.

ශී‍්‍ර ලංකාවට සාමය උදාකරලීමටත් මෙම රමණීය දිවයිනේ භෞමික අඛණ්ඩතාව සුරැකීම සඳහා ගත් ව්‍යායාමයේ දී දිවිපිදූ සියලුම රණවිරුවන්ට මම සිරස නමා ගෞරව පුදකරමි. ඔබ මියැදුන ද ඒ රට වෙනුවෙනි. එයට වඩා තවත් පරිත්‍යාගයක් ඔබට කළ හැකි ද?

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්