සිංජියෑන් හි නොසන්සුන්තාව අන්තවාදය-බෙදුම්වාදය හා ත‍්‍රස්තවාදයයි

සිංජියෑන් හි නොසන්සුන්තාව අන්තවාදය-බෙදුම්වාදය හා ත‍්‍රස්තවාදයයි

චීන රජය චෝදනා කරයි

එකසිය පනහකට අධික පිරිසක් මිය ගොස්, දහසකට අධික පිරිසක් තුවාල ලැබූ සිංජියෑං හි හටගත් අසහනකාරී තත්ත්වයට හේතුව “අන්තවාදය, බෙදුම්වාදය සහ ත‍්‍රස්තවාදය” බවට චීන රජය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, චීන ජනාධිපති හු ජින්ටාඕ ඉකුත් බදාදා ප‍්‍රධාන පෙළේ නායකයන් රැස්වීමකට කැඳවා තිබිණි. මෙම ගැටුම්කාරී තත්ත්වය උද්ගත වූයේ බහුතර හැන් චීන ජාතිකයන් සහ මුස්ලිම් සුළුතරය අතරයි.

මෙය පිටුපස දේශීය මෙන්ම විදේශීය පාර්ශ්ව තුනක් සිටින බවට රජය චෝදනා කරයි. කෙසේ වෙතත්, මෙම පාර්ශවයන් කවරේද යන්න පිළිබඳව නිශ්චිත සඳහනක් කර නැත.

මේ අයගෙන් ඇතැමුන් අල් – කයිඩා සංවිධානය යටතේ පුහුණුව ලබා ඇතැයි හෙළි කළ චීන විදේශ අමාත්‍යවරයා මොවුන් මැඩපැවැත්වීමට ජාත්‍යන්තර සහය ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙම ප‍්‍රදේශය තුළ චීනය කි‍්‍රයාත්මක කරන දැඩි කි‍්‍රයාමාර්ග විවේචනයට ලක් කර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා