ඉරාකයේ දරුණු ප‍්‍රහාර දෙකක් 52 ක් මරුට:

ඉරාකයේ දරුණු ප‍්‍රහාර දෙකක් 52 ක් මරුට:

ඉකුත් සතිය තුළ අමෙරිකානු භටයන් ඉරාකයේ නගරවලින් ඉවත්වීමත් සමඟ ඉකුත් බ‍්‍රහස්පතින්දා සිදුවූ දරුණුතම බෝම්බ ප‍්‍රහාර දෙකකින් ඉරාක වැසියන් 52 කු මියගොස් 61 දෙනෙක් තුවාල ලබා සිටිති.

ප‍්‍රහාරකයන්ගේ ඉලක්කය වූයේ ආරක්‍ෂක හමුදා සමග කටයුතු කළ පොලිස් නිලධාරියකුගේ නිවසක් බව ප‍්‍රාන්ත ප‍්‍රධාන ජෙනරාල් හම්ඩානි පවසයි. මුල් මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් අදාළ පොලිස් නිලධාරියා, ඔහුගේ බිරිය, තරුණ දියණිය සහ සහෝදරයෙක් මිය ගියහ.

මේ අතර, සිද්ධිය සිදුවූ තැනට එක් රැස්වූ පිරිස අතරට කඩාවැදුණ දෙවන මරාගෙන මැරෙන බෝම්බකරු එල්ල කළ ප‍්‍රහාරයකින් විශාල පිරිසක් මිය ගියහ.

මෙම ප‍්‍රහාරයන් සිදුවූ ටල්ෂෆා ප‍්‍රදේශය ප‍්‍රචණ්ඩත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ. ඉකුත් 2007 මාර්තුවේදීද මෙවැනිම මාරාන්තික ප‍්‍රහාරයක් මේ පෙදෙසට එල්ල විය.

සුන්නි අරාබිවරුන් වැඩි පිරිසක් මෙම ප‍්‍රදේශයේ වාසය කරති. අමෙරිකන් හමුදා නගරවලින් බැහැරවීමෙන් අනතුරුව එරට බෝම්බ ප‍්‍රහාර මාලාවක් සිදු විය. 2011 අවසානයේදී අමෙරිකන් හමුදා සම්පූර්ණයෙන්ම ඉරාකයෙන් ඉවත්ව යාමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා