ඉන්දුනීසියා ජනපතිවරණයෙන් සුසිලෝ බැම්බැංට විශිෂ්ට ජය

ඉන්දුනීසියා ජනපතිවරණයෙන් සුසිලෝ බැම්බැංට විශිෂ්ට ජය

නිල නොවන ප‍්‍රතිඵල සනාථ කරයි

ඉකුත් බදාදා ඉන්දුනීසියාවේ පැවති ජනාධිපති මැතිවරණයෙන් සුසිලෝ බැම්බැං යුදයෝනෝට විශිෂ්ට ජයක් අත්වන බව නිල නොවන ප‍්‍රතිඵල වලින් සනාථ වී තිබේ. නිල ප‍්‍රතිඵල නිකුත් වීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර යුදයෝනෝගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන මෙගාවතී මැතිවරණය දූෂිත එකක් බවට චෝදනදා එල්ල කර තිබේ. ඇයගේ දේශපාලන සගයකු වන හිටපු විශේෂ හමුදා අණදෙන නිලධාරී ප‍්‍රබෝවෝ සුබිඇන්ටෝ මේ පිළිබඳව නිත්‍යානුකූල පියවර ගන්නා බව කියයි.

එහෙත් ක‍්‍රමෝපාය සහ ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ විශ්ලේෂකයන් පවසන්නේ මහා පරිමාණ ඡන්ද දූෂණ සිදුවී ඇති බවට සාක්ෂි නොමැති බවයි.

තම නව පාලන සමයේදී ඉන්දුනීසියාවේ ශක්තිමත් ආර්ථික වර්ධනයක් ඇති කිරීමට කටයුතු කරන බවට දෙවන වරටත් බලයට පත්වූ යුදයෝනෝ ප‍්‍රතිඥාා දී තිබේ.

ලෝක ආර්ථික පසුබැසීම ඉදිරියේ වුවද ඉන්දුනීසියාව 4 % - 4.5 % ක පමණ පැසසුම් කටයුතු ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඇතැයි යුදයෝනෝ අවධාරණය කළේය.

අනාගතයේදී ආයෝජනය දිරි ගැන්වීම නව රැකියා උත්පාදනය දිරිගන්වන බවටත් දරිද්‍රතා මට්ටමින් පහළ සිටින ඉන්දුනීසියානුවන්ගේ සංඛ්‍යාව අඩු කරන බවටත් නැවත ජනාධිපති පදවි ප‍්‍රාප්ත වීමට නියමිත යුදයෝනෝ ප‍්‍රතිඥා දෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා