ජී අට සමුළුවේදී දේශගුණ විපර්යාස අවම කරන තීරණ

ජී අට සමුළුවේදී දේශගුණ විපර්යාස අවම කරන තීරණ

ඉතාලියේ මේ දිනවල පැවැත්වෙන ජී 8 සමුළුවේදී දේශගුණික විපර්යාස අවම කිරීමට අදාළ තීරණ රැසකට ලෝක නායකයන් එළඹි බව වාර්තා වේ.

ගෝලීය උණුසුම සෙල්සියස් අංශක දෙකකට නොවැඩි මට්ටමක පවත්වාගෙන යාමට ජී 8 සමන්විතවන ප‍්‍රධාන පෙළේ කාර්මික රටවල් සහ නැගීඑන ආර්ථිකයන් සහිත රටවල් නවයක නායකයෝ එකඟවූහ.

ඉතාලියේ ල කුයිලාහිදී පවත්වන ජී 8 සමුළුවට එක්වූ රාජ්‍ය නායකයින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

මෙහිලා අමෙරිකාව ඇතුළු කාර්මික රටවල් වැඩි වගකීම සහ නායකත්වය ගතයුතු බව ජනාධිපති ඔබාමා ප‍්‍රකාශකර තිබේ. පරිසරයට වැඩිම කාබන් ප‍්‍රමාණයක් මුදා හරින්නේ ප‍්‍රධාන පෙළේ කාර්මික රටවල් ය.

අතීතයේදී මෙම වගකීම නිසියාකාරව ඉටුකිරීමට අමෙරිකාව අපොහොසත් වුවත් අනාගතයේදී එවැනි තත්ත්වයක් උද්ගත නොවනු ඇති බවටද ජනාධිපති ඔබාමා ප‍්‍රතිඥා දුන්නේ ය.

හරිත වායු විමෝචනය අඩුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ඔහු වැඩිදුරටත් කියා ඇත.

ලබන දෙසැම්බරයේදී කෝපන්හේගන්හි පැවැත්වීමට නියමිත දේශගුණික මහා සම්මේලනයට මෙය හොඳ පූර්ව - සූදානමක් බව ජගත් මහ ලේකම් බැන් - කි- මූන් ප‍්‍රකාශ කර තිබේ.

ජී 8 රටවල් සෙල්සියස් දෙකට අඩු ඉලක්කය පිළිබඳව එකඟතාවකට පත්වීම තුළින් කැපීපෙනෙන ප‍්‍රගතියක් සනිටුහන් කරන බව ස්වීඩන අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇත.

2050 වසර වනවිට හරිතාගාර වායු විමෝචනය අඩකින් අඩුකිරීමට , ඒ වනවිට තමන්ගේ වායු විමෝචනය 80% කින් අඩු කරගන්නා ලෙස ජී 8 සාමාජිකයෝ පොහොසත් සහ සංවර්ධිත රටවලින් ඉල්ලා සිටී.

කෙසේ වෙතත්. චීනය, ඉන්දියාව වැනි නැගීගෙන එන ආර්ථික බලවතුන් වායු විමෝචනය අවම කිරීමේ වෙනම ඉලක්කයක් සකසා ගන්නා බවට ප‍්‍රකාශනයක් නිකුත් කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා