චීනයේ යුහෑන්හි භූ කම්පනයෙන් අයෙක් මිය ගිහින්:

චීනයේ යුහෑන්හි භූ කම්පනයෙන් අයෙක් මිය ගිහින්:

නිවාස 10,000ක් බිමටම
තවත් 30,000කට හානි
328
කට තුවාල

නිරිතදිග චීනයේ යුනෑන් පළාතේ ‘යාඕආන්’ කෝරළයේ පෙරේදා රාති‍්‍රයේ ඇතිවූ රිච්ටර් ඒකක 5.7 ක ප‍්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවකින් එක් පුද්ගලයකු මිය ගොස් 328 දෙනකු තුවාල ලබා ඇති අතර නිවාස 10,000 කට වඩා බිමට සමතලා වී ඇතැයි රාජ්‍ය මාධ්‍යයෙන් වාර්තා විය.

කි. මී. 10 ක් ගැඹුරේ හටගත් මූලික භූමි කම්පාවෙන් පසු කම්පන අටක්ද සිදුව තිබේ. මේවායින් බියට පත්ජනතාව නිවෙස් වලින් බැහැර වී ඇත.

බිමටම සමතලා වූ නිවාස හැර තවත් 30,000 ක් පමණ හානියට පත්ව තිබේ.

බලධාරීන් විපතට පත් වූවන්ට සහන සලසන අතර පොලිස් නිළධාරීන් 600 ක් ඒ සඳහා යොදවා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා