නේපාලයේ නීතිය හා සාමය ශක්තිමත් කරන බව ජනපති කියයි

නේපාලයේ නීතිය හා සාමය ශක්තිමත් කරන බව ජනපති කියයි

නේපාලයේ සාම කි‍්‍රයාවලිය සාධනීය අවසානයක් කරා ගෙන යනු පිණිස නීතිය හා සාමය ශක්තිමත් කරන බව නේපාල ජනාධිපතිවරයා පෙරේදා ප‍්‍රකාශ කළේය. රජයේ නව ප‍්‍රමුඛතාවන් විස්තර කිරීමේ දී ඔහු මේ බව කීවේය.

රාජාණ්ඩුව අහෝසි කිරීම හා සිවිල් යුද්ධයේ නිමාව සමග නේපාලය නව යුගයකට එළඹ ඇතැයි ද ජනතාව අපේක්ෂා කරන වෙනස්කම් සහිත නවයුගය නිමැයීම සඳහා ප‍්‍රතිවාදී කොටස් එකට එක්ව කටයුතු කළ යුතු යැයි ද ජනාධිපති රාම් වරාන් යාදේව් පැවසීය.

ප‍්‍රචණ්ඩකාරි සිද්ධින් හා ප‍්‍රති ප‍්‍රචණ්ඩත්වය අත්හිටවීමෙන් තිරසාර සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹ දෙවසරකට වැඩි කලක් ගතව ඇතියි ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

කෙසේ වෙතත් සාම ක‍්‍රියාවලිය සාධනීය නිමාවකට ගෙන ඒම , රාජ්‍ය ප‍්‍රති ව්‍යුහ ගත කිරීම , හා නව ව්‍යවස්ථාවක් සකැසීම ආදිය සපුරා ගත යුතුව ඇතැයි ද ඔහු කීය.

නියමිත කාලයේ දී නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බවට හා සාම ගිවිසුමේ ප‍්‍රකාර මාඕවාදී සටන්කාමීන් අන්තර්ග‍්‍රහණය හා පුනරුත්තාපනය කිරීම සිදු කරන බවට ඔහු මෙහිදී පොරොන්දු විය.

ඒ සමඟම අරාජකත්වය අනාරක්ෂිත බව හා මුක්තියේ වරම මුළු මනින්ම ඉවත් කර දමන බවද ඔහු කීවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා