රණවිරුවන්ට උපහාර දැක්වීම ජාත්‍යාලය වඩාලීමට හේතුවෙනවා

රණවිරුවන්ට උපහාර දැක්වීම ජාත්‍යාලය වඩාලීමට හේතුවෙනවා

ඇල්ලමුල්ල රණවිරු උපහාර උළෙලේදී කන්දගමුවෙ විමලානන්ද හිමියෝ පවසති

යුධබිමේදී මවුබිම වෙනුවෙන් ජාතිය ආගම වෙනුවෙන් හමුදාවේ විශාල පිරිසක් දිවි පිදුව. සමහරු අත් පා ඇස් අහිමි වෙමින් ඔත්පළ වූවා.

එසේ වුවද අපගේ රණවිරුවෝ මුළු ලෝකයටම ආදර්ශයක් දෙමින් සටන් බිමේදී අනාථ වූවන්ට පිළිසරණ වුණා. එවැනි විරෝදාර රණවිරුවන්ව ඇල්ලලමුල්ල ගම්වාසීන් විසින් මෙසේ හරසර භක්ති පූර්වකව පෙරහරින් කැඳවා තිළිණ හා සහතික පත් ප‍්‍රදානය කොට බතින් බුලතින් සංග‍්‍රහය කිරීම ජාත්‍යාලය වඩාලන කරුණක්. රණවිරුවන් පිදීම ඉතා උතුම් කෘතවේදී කි‍්‍රයාවක් යයි කදන්ගමුවේ විමලානන්ද හිමියෝ පැවැසූහ.

හලලිය මහා විහාරය සහ ඇල්ලලමුල්ල රණතුංගාරාම උභය විහාරාධිපති හිමියන් මෙසේ ප‍්‍රකාශ කෙළේ 2009 ජුනි 28 දින ඇල්ලමුල්ල රණතුංගාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ පැවති රණවිරු උපහාර උළෙලේදීය.

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අපරැක්කේ පුණ්‍යානන්ද හිමියෝ මුලසුන හෙබ වූ අතර ඇල්ලලමුල්ල රණතුංගාරාම සීලානන්ද දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජයමංගල ගී ගයද්දී ආරාධිත ගිහි පැවිදි උතුමන් විසින් චිරාගත පොල්තෙල් පහන දල්වන ලදී. දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවයකින් පසුව උත්සව සභාවේ වැඩ ඇරඹිණි.

රණවිරුවන් උත්සව ශාලාව වෙත පෙරහරකින් කැඳවාගෙන පැමිණි අයුරු.

ගම්පහ දිස්ති‍්‍රක්ක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අප රැක්කේ පුණ්‍යානන්ද හිමියෝ මෙහිදී අප සිහියට නැගෙන්නේ දුටු ගැමුණු රාජ්‍ය සමයයි.

එතුමන් සමගි සම්පන්න වෙමින් රට ජාතිය බේරාගත්තාසේම, මාගම්පුරවරයෙන් බිහි වූ සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදාව සහ පොලිසියේ වීරෝදාර රණවිරුවන්ගේ කැපවීම මත රට බේරාගැන්මට හැකිවුණා.

අප රටට නිදහස් ලැබුණේ 1947 නොවෙයි, පසුගිය 18 වෙනිදායි. මෙම බිහිසුනු සටන ජයගැන්මට ජීවිත පරිත්‍යාගයෙන් පෙරමුණ ගත් උදාර රණවිරුවන්ට උපහාර දැක්වීම සඳහා ඇල්ලමුල්ල ගම්වාසීන් පෙරහර පවත්වා සිහිවටන තිළිණ පරිත්‍යාගයෙන් දී ඇත්තේ සුවිශේෂ ආදර්ශයක්.

 මියගිය වීරෝදාර දිවි පිදූ රණවිරුවන්ට පිං පමුණවමින් අනිකුත් සියලු රණවිරුවන්ට දීර්ඝායු සම්පත් ප‍්‍රාර්ථනා කරමි.

ඇල්ලමුල්ල මුස්ලිම් දේවස්ථානය නියෝජනය කරමින් පැමිණි මව්ලවි තුමා- ඉතා චාම් අන්දමින් පැවැත්වෙන මෙම ගෞරවනීය උත්සවය පිළිබඳව ප‍්‍රශංසාත්මක ස්තුතිය පළමුව පුදකර සිටිනවා.

ප‍්‍රතිපත්තියක් වශයෙන් අපට වෙනස් ආගම් තිබෙනවා. නමුත් ජාතිය වශයෙන් අපි කවුරුත් සිංහල, ලාංකික සිංහලයන් වන අප එක ජාතියකට එක සමාජයකට සීමාවී නෑ. මෙය ජනාධිපතිතුමාගේත් පණිවුඩයක්.

එදා කෘර ත‍්‍රස්තවාදීන් මන්නාරමේ මුස්ලිම් පවුල් 1500 ක් පැය 24 ක් ඇතුළත තම ගේදොරින් එළියට දැම්මා.

නිලාබ් නබිනායකතුමාගේ ජන්ම දිනයේදී මුස්ලිම් පූජකවරුන් ඇතුළු විශාල මුස්ලිම් ජනකායක් එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් මරා දැම්මා.

මන්නාරම මුස්ලිම් දේවස්ථානයේ යාඥා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් එකසිය ගණනක් ත‍්‍රස්තවාදීන් අමු අමුවේ මරාදැම්මා. වාහන 16 කින් ගමන්කළ මුස්ලිම් ජාතිකයන් 116 දෙනෙක් සතර පැත්තෙන් ආවරණය වූ වාහනයක නංවා පිටතින් පෙට‍්‍රල් දමා ත‍්‍රස්තවාදීන් ගිනිතිබ්බා.

ගැබිනි මවුවරු දෙදෙනෙකුත් ඒ අතර සිටියා කියද්දී එතුමාගේ දෑසින් කඳුළු ගලා හැලුණා සභාවේ බොහෝ දෙනාද ඒ අනුව කඳුළු සලන්නට වුණා.රණවිරුවන් විනාශ කර දැම්මේ එවැනි අධම තිරිසන් ත‍්‍රස්තවාදීනුයි.

මේ රණවිරුවන් ගොවි කම්කරු පවුල්වල අයයි. ඔවුන් ලෝකයටම ආදර්ශයක් දුන්නා. අපි මින්පසු එවැනි ප‍්‍රභාකරන්ලා ඇති නොවන අන්දමින් රට පෙරට ගෙන යා යුතුයි.

මීරිගම ශ‍්‍රී ල.නි.ප. ප‍්‍රධාන සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රනි දේශබන්දු කෝකිලා හර්ෂනී ගුණවර්ධන මහත්මිය.

තම ජීවිතය පරදුවට තබා සටන්බිමේදී සටන් වැදුන විරෝදාර රණවිරුවන් වෙනුවෙන් උපහාර දැක්වීම සඳහා සංවිධානය වූ ඇල්ලලමුල්ල ජනතාවට මා ස්තුතිවන්ත වෙනවා.

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනි අන්ජාන් උම්මා මහත්මිය - සියලුම අපගේ ආදරණීය මවුපිය සහෝදරවරුන් අද මෙම රණවිරු උපහාරය ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දිනයක්.

අප නිදහස ලබාගත් නියම දිනය පෙබරවාරි 4 නොවේ. මැයි මස 18 වෙනිදායි.

මීරිගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර සිරිපාල හෙට්ටිආරච්චි බයිරහා සත්ත්ව ගොවිපළේ පිරිස් කලමනාකාර කුමාරදාස ඇල්ලලමුල්ල, ශිලානන්ද දහම් පාසලේ ප‍්‍රධානාචාරිනී ඩබ්. රණතුංග, ශ‍්‍රී ලංකා පොලිසියේ රණවිරු කින්ස්ලි සමරසිංහ, ඇල්ලලමුල්ල ප‍්‍රාථමික විදුහලේ විදුහල්පතිනියද සභාව ඇමතූහ.

356 ඇල්ලමුල්ල ග‍්‍රාම නිලධාරිනිය පිිළිගැනීමේ කතාව කළ අතර ස්තුති කතාව නිමල් කස්තුරිරත්න මහතා විසින් සිදුකරන ලදී. විස්තර කතනය - සරත් ධර්මසේන සහ සනෝජා කුමාරි කුඩාවිතානගෙනි. සංග‍්‍රහ කමිටු සංවිධානය - මියුලු සුදර්ශන සමරසිංහ සහ සරත් රෝහණ විසිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා