පිළියන්දල මාර්ග හතරක් සංවර්ධනය කැරේ

පිළියන්දල මාර්ග හතරක් සංවර්ධනය කැරේ

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත කි‍්‍රයාත්මක වන පළාත් පාලන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ පිළියන්දල නගරයේ මාර්ග 4 ක් වැඩිදියුණු කරන බව කැස්බෑව නගර සභාවේ සභාපති ලෙනාඩ් කරුණාරත්න මහතා පැවැසීය.

එම යෝජිත ව්‍යාපෘතිය යටතේ වැඩිදියුණු වන්නේ සරණපාල මාවත, සමරකෝන් මාවත (1 වන හරස් වීථිය) 2 වන හරස් වීදිය – වට රවුම් පාර සහ පාසල් මාවත – පරණ පාර යන මාර්ගයන්ය.

යෝජිත මාර්ගයන් සඳහා ඇස්තමේන්තු පිරිවැය සරණපාල මාවත රුපියල් 13,321,950.00, සමරකෝන් මාවත (1 වන හරස් වීදිය) රුපියල් 5,929,100.00, 2 වන හරස් වීදිය රුපියල් 7,861,390.00, වට රවුම් පාර සහ පාසල් මාවත රුපියල් 13,097,750.00, පරණ පාර රුපියල් 18,832,750.00 ක්ද වන අතර යෝජිත ව්‍යාපෘතියේ ඇස්තමේන්තු පිරිවැය රුපියල් 59,042,940.00 කි.

මෙම ව්‍යාපෘතිය සඳහා වූ සභා දායකත්වය (7%) වන රුපියල් 41,33,005.80 ක් වූ මුදල අවශ්‍ය පරිදි නගර සභා පොදු අරමුදලින් ලබාදීමට ද සභාවේ අනුමැතිය ලැබී ඇති බව ද සභාපතිවරයා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා