රුහුණේ බට කර්මාන්තය

රුහුණේ බට කර්මාන්තය

“ගම නැගුම" සංවර්ධන වැඩසටහන යටතේ, මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඌරාපොළ නැගෙනහිර, ඊරියතොට සහ, කහගල දකුණ යන ග්‍රාමසේවා වසම්වල ප්‍රතිලාභීන් 27 දෙනකු වෙනුවෙන්, ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, බට කර්මාන්තය වැඩදියුණු කිරීම සඳහා 2009 වසරට රුපියල් 230000/- ක් වැයකර ඇතැයි, මාතර සහකාර සමෘද්ධි කොමසාරිස් සිරිල්. කේ. ලියනගේ මහතා, ප්‍රකාශ කෙළේය.

අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථිකත්වය නගාසිටුවීම විරැකියාව නැති කිරීමට පිටුබලයක් සැපයීම සහ සාම්ප්‍රදායික කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කරගෙන, මෙම මුදල් ප්‍රතිපාදන ලබාදී තිබේ.

වෙළෙඳාම සඳහා පිටත්ව යාමට පෙර, බට භාණ්ඩ සකස් කිරීමක්

අදාළ ග්‍රාමනිලධාරී වසම්වල ජනසභාවක් පවත්වා රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඒකරාශී කරගෙන ප්‍රතිලාභීන් තෝරා ගැනීම මේ අනුව සිදු කෙරෙයි.

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, මාතර දිස්ත්‍රික් සමෘද්ධි අංශය, සමෘද්ධි මහා සංගමය, සමෘද්ධි බැංකු සංගමය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මේ සඳහා සහාය දක්වයි.

ඌරාපොළ නැඟෙනහිර, වසමේ ප්‍රතිලාභීන් 20 දෙනකු තෝරාගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් 160000/- ක මුදලක් ද, ඊරියතොට වසමේ එක් ප්‍රතිලාභියකු වෙනුවෙන්, රුපියල් 10,000 ක මුදලක්ද, කහගල දකුණ වසමේ ප්‍රතිලාභීන් 06 දෙනෙකු සඳහා, රුපියල් 60000/- ක් ද සමෘද්ධි අධිකාරියෙන් වෙන්කරදී තිබේ.

බට කර්මාන්තය සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේදීත් නිමි භාණ්ඩ අලෙවිකර ගැනීමේදීත් ඒ සඳහා ප්‍රවාහන වියදම් දැරීමේදීත්, විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට ප්‍රතිලාභීන්ට සිදු වී තිබේ.

ඒ අනුව බට කර්මාන්තයේ නියුතු වන්නන්ගෙන් කිහිපදෙනෙකුට ජංගම පාපැදි ලබාදීමටද කටයුතු කර ඇත.

බට භාණ්ඩ අලෙවියේදී, දිවයිනේ නොයකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි, මෙම කර්මාන්තයේ නියැලෙන සුළු කර්මාන්ත කරුවනට, තම ජංගම පාපැදි යොදාගෙන තම නිෂ්පාදන භාණ්ඩ අලෙවි කර ගනිති.

එහෙත් කතරගම සුරිඳුන්ට , දෙවුන්දර උපුල්වන් දෙවිඳුන්ට කදානේ පල්ලි මංගල්‍යයට, බැතිමතුන් බැතිසිතින් පිදෙන උපහාර පූජා වට්ටිය නිර්මාණය කර දෙන්නේද, කඹුරුපිටිය අවට ප්‍රදේශවල සිටින ප්‍රතිලාභීන් විසිනි.

බට කර්මාන්තය සඳහා, අවශ්‍ය කෙරෙන වේවැල්, බට හිනිපෙත්ත, දැනට ප්‍රවාහනය කිරීම තහනම් කර ඇතත්, මෙම ව්‍යාපෘතියේ උන්නතිය උදෙසා අවශ්‍ය අඩුම ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට කඹුරුපිටිය ප්‍රාදේශීය කමිටුවේ යෝජනාවක් අනුව, දිස්ත්‍රික් සම්බන්‍ධීකරණ කමිටුවට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ප්‍රවාහන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම, ස්වදේශ කටයුතු අමාත්‍ය, චÁද්‍රසිරි ගජධීර යන අමාත්‍යවරුන් විසින් අඩවිවන කාය¸ාල නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවටද, කරුණු අනාවරණය වී තිබේ.

විශේෂයෙන්, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ මැදිහත්වීම මත, මෙම කර්මාන්තකරුවන්ට, පහසුකම් ලබාදී ඇත.

ඒ අනුව ඔවුන්ගේ ප්‍රදේශවල යටිතල පහසුකම් ලෙස මාර්ග ඉදිකිරීම හා ජලටැංකි ඉදිකිරීම වෙනුවෙන්ද විශාල මුදලක් විය පැහැදම් කර ඇත.

අළුත් තාලයට, වට්ටි දැටි සකස්කරන දෙදෙනෙක්

කහගල පදිංචි, කේ. එම්. සරත් මහතා, - දැනටමත් කඹුරුපිටිය සමෘද්ධි බැංකුවෙන් රුපියල් 25000ක ණය මුදලක් අරගෙන තිබෙනවා. මෙම රැකියාව පවත්වාගෙන යන්න, ගොම්බද්දල ප්‍රදේශයේ වට්ටිවල, දැට්ටට සකස් කරණ හිනි පෙත්ත ලී තිබෙනවා.

ඒවා ප්‍රවාහනය කරන්න පහසුකම් නැති නිසා, අපේ බට කර්මාන්තය තරමක් දුරට, අඩපන වෙලා ගිහින්,

දැනට , අකුරැස්ස කියාඩුව ප්‍රදේශයේ, බටපොතු මිලදී ගැනීමට තිබෙනවා. සම්පූර්ණයෙන් ශුද්ධ නොකළ බටපොතු කිලෝ එකක් රුපියල් 28.00 ක් වෙනවා. එසේ අත්පිට මුදලට ගෙන ආ බටපොතුවලින් තමයි, මේ කර්මාන්තය අපි දැන් කරන්නේ.

මාකඳුර, අකුරැස්ස, හොරගොඩ, බංගම වැනි ප්‍රදේශවල දැනට හිලිපෙත්තලී ඕනෑ තරම් තිබෙනවා. ඒවා ප්‍රවාහනය කරන්න අවසර නැති නිසා, ඒ වෙනුවට, ඇට්ටෝනියා, මකුලත වැනි ලී පාවිච්චියට ගන්නවා. හිනිපෙත්තලීය අවශ්‍ය වන්නේ කුළු, වට්ටි, කර්මාන්ත කරුවනට පමණයි. එම ගස් වර්ගය, සුළු කාලයක් තුළ වැඩී, අතු හැදී මැරී යනවා. හිනිපෙත්ත ගස ඉහළ මට්ටමකට වැඩෙන්නේ නැහැ.

මේවා කපාගත්තා කියලා පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. බට පඳුරු ගැන කීවත් ඒ ටික තමයි කිවයුත්තේ. කපාගත්තු බට පදුරු දින 40 කින් පමණ නැවත වැඩෙනවා. නිකරුනේ හැදී මැරීයන බට සහ හිනිපෙත්ත ලීය, කුළු, වට්ටි ආදියට කපා ගත්තාට පරිසරයට කිසිම හානියක් වන්නේ නැහැ.

කඹුරුපිටිය, කහගල දකුණ පදිංචි, කේ. එම්. වීරරත්න මහතා, - දැනට බට භාණ්ඩ අලෙවි කිරීමට ජංගම වෙළඳාමේත් යනවා. ඒ හැරෙන්නට, අල්ලපු කඩේත් ඒවා මිලදී ගන්නවා. තොග වශයෙන් මිලදී ගන්න කඩකීයක් ගමින් ගමට තියනවා. ඒ නිසා, බට භාණ්ඩ අලෙවියෙන් අපට පාඩුවක් නැහැ. හිනිපෙත්ත ගෙන ඒම තහනම් නිසා, දැනට අපි පාවිච්චි කරන්නේ ඇට්ටෝනියා වැනි දැව වර්ගයි. ඒවා වඩු මැෂින් යන්ත්‍රයෙන් මැදගන්නවා. නැතිනම් එම ලී වර්ග මදින්න වෙන්නේ පිහියෙන් තමයි.

කඹුරුපිටියේ, එස්. පී. කුමාර මහතා - බට කර්මාන්තයේ යෙදෙන නිවෙස්වල අයට, රැකියා පිළිබඳව නම්, කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. අවුරුදු 300 ක් පමණ එක දිගට කළ බට කර්මාන්ත රස්සාව, අපට හොඳටෝම හොඳයි. ඒ නිසා ඇතැම් රජයවල් අප ගැන සොයා බැලුවේත් නැහැ.

සමෘද්ධි ආධාර මුදල් පවා අපට ලැබෙන්නේ, ජනාධිපතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵල නිසා. හොර මැරකම් නොකර ජීවත් වන්න කියා අවවාද දෙන පොලිසියෙන් අපට කරදරයක් නැහැ. ඒ නිසා සමෘද්ධි අංශයෙන් අපට ලබාදී තිබෙන්නේ පුදුම සහයෝගයක්. එය අපි ඇත්තෙන්ම අගය කළ යුතුයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා