මාස 14කට පසු පළමුවරට රූපවාහිනියෙන්

මාස 14කට පසු පළමුවරට රූපවාහිනියෙන්

උදරගත සැත්කමකට මුහුණදීමෙන් මාස 14කට පසු පළමුවරට පෙරේදා කියාබානු රූපවාහිනියෙන් දැක්වුනු හිටපු ජනාධිපති පිදෙල් කැස්ත්‍රෝ ය මේ.

83 හැවිරිදි ඔහු, ඉකුත් සෙනසුරාදා තමා බැහැ දැක්මට පැමිණි වෙනිසියුලාවේ කරාබෝබෝ සරසවියේ නීති සිසුන් සමග විහිලු තහලු කරමින් කතා බහ කරන අයුරු රූපවාහිනියෙන් දැක්විණි. පැය තුනක කාලයක් පැවති මේ සාකච්ඡාවේදී ගෝලීය උණුසුමද ඇතුළත් ලෝක ප්‍රශ්න ගැන සාකච්ඡා වී තිබේ. ඒ.එෆ්.පී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා