ඇෆ්ගන් යුද්ධයට අවශ්‍ය තරම් බළ ඇණි අප සතුව නෑ

ඇෆ්ගන් යුද්ධයට අවශ්‍ය තරම් බළ ඇණි අප සතුව නෑ

එරට අමෙරිකා හමුදා ප්‍රධානි ඔබාමාගේ නියෝජිතයාට කියයි

ඇෆ්ගන් යුද්දයට අවශ්‍ය තරම් බල ඇණි තමන් සතුව නැතැයි ඇෆ්ගනිස්තානයේ එක්සත් ජනපද හමුදා ප්‍රධානීන් විසින් එරට සංචාරයක නියැලි සිටින ජනාධිපති බැරැක් ඔබාමාගේ නියෝජිතයාට ප්‍රකාශ කැර ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත පෙරේදා වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ හමුදා කලාප හතරෙහිම ඉකුත්දෙදින තිස්සේ සංචාරයක නියැළි රිචර්ඩ් හෝල්බෲක් හමුවේ හමුදා ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කැර ඇත.

එක්සත් ජනපද අතිරේක හමුදාවන් දකුණු ඇෆ්ගනිස්තානයට පිටිවහලක් වුවද හමුදා ප්‍රධානීන්ට අවශ්‍ය ප්‍රමාණය ඉන් සපිරි නැති බව හමුදා ප්‍රධානීන් සිවු දෙනාම පවසා තිබේ. දැනට එරට 57000 ක අමෙරිකා හමුදාවක් සිටින අතර හමුදා ප්‍රධානීන්ට අවශ්‍ය බලඇණි ප්‍රමාණය නිශ්චිතව පවසා ඇත්ද යන්න අනාවරණය වී නැත.

මෙම ප්‍රකාශයන් නිකුත්ව ඇත්තේ අමෙරිකාවේ ප්‍රමුඛ හමුදාපතිවරයකු වන ජෙනරාල් ස්ටැන්ලි මැකි‍්‍රස්ටල් ඇෆ්ගනිස්තානයේ මූලික යුධෝපක්‍රම පිළිබඳ පරිපූර්ණ ක්‍රියාවලියක් සකසමින් සිටියදී ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා