ඇතන්ස්හි දරුණු ලැව්ගින්නක්

ඇතන්ස්හි දරුණු ලැව්ගින්නක්

ග්‍රීසියේ ඇතන්ස් නගරය තදාසන්න ප්‍රදේශය ඉකුත් සිකුරාදා පටන් දරුණු ලැව්ගින්නකට ගොදුරුව පවතී. එය ජීවිත 77 ක් අහිමි වූ 2007 ලැව්ගිනි වලින් පසු ඇතිවූ දරුණුම ගින්න ලෙස සැලකේ.

ගින්න නිවීමට ජල ඉසින ගුවන් යානා සටනක නියැලී සිටින අතර ප්‍රදේශයේ නිවාස ළමා රෝහලේ හා වැඩිහිටි නිවාස වලින් ප්‍රද්ගලයන් ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබේ.

මැරතන් නගරය ආසන්න නිවාස 150 ක ජනපදයකින් නිවැසියන් ඉවත්කැර ඇත්තේ 60,000ක ජනතාවක් සිටින තදාසන්න ප්‍රදේශයක් ලැව්ගිනි තර්ජනයට මැදිව තිබියදීය.

ඇතන්ස්හි පුරාවිද්‍යාත්මක භූමි ප්‍රදේශය හා ප්‍රධාන ජන සැපයුම් පද්ධතියට සමීප මැරතන් කඳුකරය ගින්නෙන් වෙලී ඇතැයි පැවසේ.

මේ අතර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ගිනි ඇවිලෙන පෙදෙස් මනාව හඳුනාගෙන නැති බවට නගරාධිපතිවරුන් චෝදනා නගා ඇත.

වේගවත් සුළං ගිනි පැතිරීමට ඉවහල්ව තිබෙන අතර ගිනි භටයින් 600ක් පමණ ගිනි සටනේ නියැලී ඇත. ජල ඉසින ගුවන් යානා 12 ක් හා හෙලිකොප්ටර් 7ක් ද සේවයට යොදාගෙන ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා