ගැබෝන් ජනපති අපේක්ෂක රෝහලින් පිටවෙයි

ගැබෝන් ජනපති අපේක්ෂක රෝහලින් පිටවෙයි

යළි උපවාස කරන බව කියයි

ගැබෝන් ජනාධිපතිවරණය අගෝස්තු 30 දා පැවැත්වීමට නියමිත අතර එය කල්දමන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක නියැලී සිට රෝහල් ගත කැරුණු ජනාධිපති අපේක්ෂක මවුබම්බා පෙරේදා යළි රෝහලින් බැහැරවූයේ යළිත් මාරාන්තික උපවාසයට එළඹෙන බව සපථ කරමිනි.

උපවාසයෙන් අටවැනි දිනයේ දී සිහිමුර්ජා වූ ඔහු ඉකුත් සෙනසුරාදා රෝහල් ගත කරන ලදී.

එහෙත් පෙරේදා උදේ යළි රෝහලෙන් බැහැර වූ ඔහු අගෝ. 15 දා සිට උපවාසයේ නියැලි පාර්ලිමේන්තුව අබියස යළි එම ක්‍රියාවේ නියැලෙන බව කියා තිබේ.

ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන අතර ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා උග්‍ර නොවන තත්ත්වයකින් උපවාසයේ නියැලෙන බව ප්‍රකාශ කැර ඇත.

උපවාසය අත්හරින ලෙස අන්තර්වාර ජනාධිපති රෝස් ෆ්රාන්සිං රොගම්බේ කළ ඉල්ලීම ද ඔහු ඉවත ලා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා