නවදිල්ලි සරසවි සිසුවියට අතවර කළ ජනපති ආරක්ෂකයන් දෙදෙනා දිවි ඇතිතෙක් හිරේට

නවදිල්ලි සරසවි සිසුවියට අතවර කළ ජනපති ආරක්ෂකයන් දෙදෙනා දිවි ඇතිතෙක් හිරේට

නවදිල්ලියේදී හයවසරකට පෙර සරසවි ශිෂ්‍යාවක දූෂ්‍ය කළ බවට වරද කරුවන් වූ ජනාධිපති ආරක්ෂකයින් දෙදෙනෙකුට ඉකුත් සෙනසුරාදා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව තිබේ.

නගර මධ්‍යයේ උද්‍යානයකදී 17 හැවිරිදි ශිෂ්‍යාවක දූෂ්‍ය කිරීමේ සිද්ධිය එවකට රටපුරා මහත් ආන්දෝලනයට තුඩු දුන්නේ ජනාධිපති මන්දිරයේ ප්‍රභූ ආරක්ෂකයන් ඊට මැදිහත්ව තිබීම නිසා ය.

අදාළ ශිෂ්‍යාව සිය පෙම්වතා සමග 2003 ඔක්තෝබරයේ දිනක මහදවාලේ උයනේ පසුවද්දී සෙබළුන් සිවු දෙනකු ඔවුනට පහරදී දෙදෙනකු මුර කරද්දී සෙසු දෙදෙනා විසින් ඇය දූෂ්‍ය කොට තිබිණි.

මේ උයන පිහිටියේ ජනාධිපති මන්දිරයෙන් කිලෝමීටරයක දුරය.

මේ සිද්ධිය ජනාධිපති ආරක්ෂක සේවයට මහත් කැළලක් බව ප්‍රකාශ වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා