මාන්තිව් දූපත් ලාදුරු රෝහලේ ගින්නක්: ගුවන් හමුදාව රෝගීන් බේරා ගනී

මාන්තිව් දූපත් ලාදුරු රෝහලේ ගින්නක්:

ගුවන් හමුදාව රෝගීන් බේරා ගනී

මඩකළපුව මාන්තිව් දූපතේ පිහිටි ලාදුරු රෝහල ඇතුළු ප්‍රදේශය ඊයේ (08) අලුයම ගින්නකින් දැවෙද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සියලුම රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරා ගනු ලැබ ඇත.

ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා උපයෝගී කරගෙන ගින්න මැඩපවත්වා තිබේ. ගුවන් හමුදාව බෝට්ටු ගෙනවිත් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගිය බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා ‘දිනමිණ’ට කීය.

රෝගීන් අට දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු මෙසේ ගුවන් හමුදාව මගින් බේරාගෙන තිබේ.

උදේ 6.00 ට පමණ රෝගීන් බේරාගෙන තිබෙන අතර ගින්න විශාල ලෙස පැතිරීගොස් ඇති බවත් නානායක්කාර මහතා කීය.

මාන්තිව් දූපතේ අක්කර 98 ක් පුරා ගින්න පැතිරී ගොස් ඇති අතර උදේ වන විට ගුවන් හමුදාව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබේ.

ස්ථාන කරා ගෙන ගිය බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා ‘දිනමිණ’ට කීය.

රෝගීන් අට දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු මෙසේ ගුවන් හමුදාව මගින් බේරාගෙන තිබේ. උදේ 6.00 ට පමණ රෝගීන් බේරාගෙන තිබෙන අතර ගින්න විශාල ලෙස පැතිරීගොස් ඇති බවත් නානායක්කාර මහතා කීය.

මාන්තිව් දූපතේ අක්කර 98 ක් පුරා ගින්න පැතිරී ගොස් ඇති අතර උදේ වන විට ගුවන් හමුදාව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා