පගා ගැහිල්ලෙන් පොලිසිය ඉදිරියෙන්

පගා ගැහිල්ලෙන් පොලිසිය ඉදිරියෙන්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මේ වසරේ පළමු මාස හයේ ලැබුණු පැමිණිලි අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පොලිසියේ හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට එරෙහිව බව, එම කොමිසමේ අධ්‍යක්ෂ සරත් සෝමවීර ලොකුගේ මහතා පැවසීය.

ඒ අනුව පැමිණිලි 238 ක් පොලිස් නිලධාරීන්ට එරෙහිවද පැමිණිලි 206 ක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට එරෙහිවද ලැබී ඇතැයි ඒ මහතා සඳහන් කෙළේය.

ඊට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, එරෙහිව පැමිණිලි 178 ක් ද ලැබී ඇති බව ලොකුගේ මහතා සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මේ වසරේ මුල් මාසයේ සිදුකරන ලද වැටලීම් 90කදී රාජ්‍ය සේවකයන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා