චැනල් - 4 ව්‍යාජ වීඩියෝ පටය හැදුවේ ශ්‍රී ලංකාවෙන් පැන ගිය මාධ්‍ය නඩයක්

චැනල් - 4 ව්‍යාජ වීඩියෝ පටය හැදුවේ
ශ්‍රී ලංකාවෙන් පැන ගිය මාධ්‍ය නඩයක්

කුමන්ත්‍රණය පිටුපස ජේ. ඩී. එස්. සංවිධානය

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙලෙසීමට සහ රණවිරුවන් යුද අපරාධකරුවන් සේ හුවා දැක්වීමට ව්‍යාජ වීඩියෝ පටයක් සකස් කොට චැනල් 4 රූපවාහිනි ආයතනයට ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ (ජේ. ඩී. එස්.) සංවිධානය බව දැන් හෙළිවී තිබේ.

ප්‍රභාකරන් මරා දැමීමෙන් පසුව අතරමං වූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක් ජර්මනියේ බර්ලින් නුවරදී මේ වීඩියෝ පටය සකස් කර ඇති බව අනාවරණය වෙයි.

මෙයට ශ්‍රී ලංකාවෙන් පැන ගිය මාධ්‍යවේදීහු හය දෙනෙක් ඇතුළත් වෙති. මේ වීඩියෝ පටය සකස් කිරීමට ජාත්‍යන්තර කොටි නායකයකු වන රුද්‍රකුමාර් ගේ ප්‍රචාරක සමාගම සහාය වී ඇත.

චැනල් 4 ආයතනයට එම සමාගම හරහා වීඩියෝ පටය ලබාදී තිබේ.

මෙසේ වීඩියෝ පටයක් සකස් කර විකාශනය කර ඇත්තේ රජය සහ ආරක්ෂක අංශ යුද්ධාධිකරණය වෙත ගෙන යාමට බවද බුද්ධි අංශ හෙළි කරයි.

රුද්‍රකුමාර් කොටි නායකයාගේ ප්‍රචාරක සමාගමේ අධ්‍යක්ෂ ධූරයක් දරන්නේද මෙරටින් පලා ගිය මාධ්‍යවේදියෙකි. මේ සමාගමට සම්බන්ධ දේශීය නියෝජිතයෙක්ද සිටී.

තිලක් නම් වූ ඔහු සොයා ගැනීමට බුද්ධි අංශ දැන් පරීක්ෂණ පවත්වමින් සිටී. වීඩියෝ පටය සකස් කළ ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායමට විශාල මුදලක් ලබාදී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා