ට්‍රෙස්කොතික් ඉන්දියාවට යෑම අවිනිශ්චිතයි

ට්‍රෙස්කොතික් ඉන්දියාවට යෑම අවිනිශ්චිතයි

ලබන මස ආරම්භ විමට නියමිත ඉන්දීය ලීග් සූරතාවලිය සඳහා සහභාගි වන සමර්සෙට් ප්‍රාන්තයේ ක්‍රීඩකයින් 15 දෙනාගේ සංචිතයට නම් කරනු ලැබූව ද මාකස් ට්‍රෙස්කොතික් ගේ සහභාගිත්වය අවිනිශ්චිත බැව් සමර්සෙට් නායක රස්ටින් ලැන්ගර් පැවසුවේය.

එංගලන්ත පිලේ හිටපු ආරම්භක පිතිකරු වන ට්‍රෙස්කොතික්ගේ ජාත්‍යන්තර තරග දිවිය නිමාවට පත්වූයේ පීඩාකාරී අසනීප තත්ත්වයට ගොදුරුවීම නිසාය.

මේ අසනීප තත්ත්වය හමුවේ විදෙස් සංචාර වලින් වැළකි සිටීමට ඔහුට සිදුවී තිබේ. 33 හැවිරිදි ට්‍රෙස්කොතික් අවසන් වරට ආසියාතික රටක සංචාරයක නිරත වූයේ 2006 වසරේදීය. එංගලන්ත පිල නියෝජනය කරමින් එවර ඔහු ඉන්දියාවේ සංචාරයක නිරත විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා