සයිකල් සූරයාට තහනමක්

සයිකල් සූරයාට තහනමක්

පසුගිය මාසයේ පැවැති මිනි ඔලිම්පික් තරගාවලියේදී තහනම් උත්තේජක භාවිතා කළේ යැයි චෝදනා ලැබූ මැලේසියානු සයිකල් සූර 23 හැවිරිදි ෆවුසාන් අහමඩ් එම චෝදනා සනාථ වීම නිසා වසර දෙකක තරග තහනමකට ලක් වූ බැව් වාර්තා වේ.

2012 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට පෙර සූදානමක් ලෙස පැවැත්වූ එම තරගාවලියේදී සිය දණහිසේ ආබාධයක් සුව කර ගනු පිණිස මේ තහනම් උත්තේජකය පාවිච්චි කළ බව අහමඩ් පවසා තිබිණි.

ඔහුගේ මුත්‍රා සාම්පල පරීක්ෂණයෙන් තහනම් උත්තේජක ගත් බව තහවුරු වන විට ෆවුසාන් සිටියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවර පුහුණු වැඩසටහනකට සහභාගි වෙමිනි. පසුව මැලේසියානු බලධාරීහු ඔහු පෙරළා පිට රටට කැඳවා ගත්හ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා