ගම්පහ තැපැල් එල්ලේ පිලට අසාධාරණයක්?

ගම්පහ තැපැල් එල්ලේ පිලට අසාධාරණයක්?

ජාත්‍යන්තර තැපැල් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව මඟින් බස්නාහිර පළාතේ පැවැත්වූ තැපැල් සේවක එල්ලේ තරඟය පසුගියදා පැවැත්වූ අතර අවසාන වටයට කංඩායම් 04ක් තේරිණි.

ගම්පහ තැපැල් කාර්යාල කංඩායම, කොලොන්නාව කංඩායම, දිවුලපිටිය කංඩායම, අවිස්සාවේල්ල කංඩායම යනුවෙනි.

ප්‍රථමයෙන් කොලොන්නාව කංඩායම සහ දිවුලපිටිය කංඩායම අතර තරඟය පවත්වා ඇති අතර පසුව ගම්පහ අවිස්සාවේල්ල කංඩායම අතර තරඟය නියමිතව තිබූ අතර තරඟය නොපවත්වා තෙවන ස්ථානය ගම්පහ කංඩායමට ලබාදෙන බැව් තරඟ සංවිධායකයන් පැවැසුවේය.

මේ නිසා තරඟයට සහභාගිනොවූ ගම්පහ තැපැල් කංඩායම ආපසු පැමිණ ඇත. මෙම තරඟාවලිය අසාධාරණව සිදුවූ බැව් පවසන ගම්පහ කංඩායම නැවත මෙම තරඟාවලිය නැවත පවත්වන මෙන් ඉල්ලා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා